Posts

Showing posts with the label කෙටිකතා

සමූලඝාතනය

Image
පැරකුම් ජයසිංහගේ කෙටිකතාවකි “ඉස්කෝලවලට කොටි ගහනවලු." ඒ ආරංචිය ලැව් ගින්නක් සේ පැතිරිණි. අපේ හමුදාව එහේ ඉස්කෝලෙකට ගුවනින් බෝම්බ දාලා ය කියන පුවත වෙබ් අඩවිවල තිබුණත් කවුරුවත් ඒ ගැන කතා නො කළ හ. ඒක: වෙබ් අඩවිවල තියෙන්නෙ බොරු ය. දෙක: එහෙ ඉන්නෙ කොටි ය. තුන: ළමයි කියන්නෙ කොටි පැටව් ය. හතර: ඉස්කෝලවල කරන්නෙ අනාගතේ මරාගෙන මැරෙන්න සොල්දාදුවන් හදන එක ය. ඒවා එහෙම නො වුණත්, උන්ට හොඳ පැටිගිරියක් නැහැ. මායිම් ගම්මානවලට පැනල කිරි දරුවන් පවා කැතිගාලා, වෙඩි තියලා, මරා දමලා තියෙනවා. අනෙක අපේ හමුදාව එහෙම මානව හිමිකම් උල්ලංඝනය කරන්නෙ නැහැ. අසූනමය දැන් අදාළ නැහැ. අපට උන්ගෙ මානව හිමිකම් වැඩක් නැහැ. මානව හිමිකම් කියන්නෙ බටහිර අදහසක්. බටහිරින් සල්ලි ගන්න එන්ජීඕකාරයෝ තමයි ඔය අදහස් පතුරුවන්නෙ. “ඉස්කෝලවලට කොටි ගහනවලු." උන් හැම තැනට ම ගහනවා. නො ගහන තැනක් නැහැ. තැපැල් කන්තෝරුවෙත් බැරියර්. උන් ලියුම්වලට පවා ගහනවා. ගුරුවරියෝ ඔක්කොම තමන්ගෙ ළමයින් අරගන්න ටවුමෙ ලොකු ඉස්කෝලවලට දිව්ව හ. දුවන්නට කලින් පැමිණීම අත්සන් කරන්නට කවුරුවත් අමතක කළේ නැත. නැතිනම් නිවාඩු වැටෙනවනේ. අද ඉස්කෝල වහයි. නිවා...