කෘෂිකර්ම අමාත්‍යාංශය අවුරුද්දක් වැහුවොත් ගොවීන්ට මොකක් වෙයි ද?
දුමින්ද කියන්නේ බෝ ගසයි. දුමින්ද දිසානායක කියන්නේ ද බෝ පැළයක් වැනි ළමයෙකි. හැබැයි එයාගේ තාත්තා නම් සුපිරි වැඩ්ඩෙකි. තාත්තා පරම්පරා ගණනාවකට ඇති වෙන්න හම්බ කළ නිසා දුමින්ද ළමයා ඒ වෙනුවෙන් එච්චර මහන්සි නො වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්කමත් ලැබුණ එකේ අනාගතයට වැඩක් කර ගත්තා නම් හොඳ ය. මොකද, ඔය වගේ ළාමක වයසකින් එවැනි අවස්ථාවක් ලබන අය අනාගතයේදී මේ රටේ නායකයා පවා වෙන්නට හැකි ය. නායකත්වය තේරුම් ගත් නායකයෙක් මෑත ඉතිහාසයේදී ලංකාවේ සිටියේ නැත. ඒ වුණාට ඉතින් ටෙම්ප්ටේෂන් ඇති නො වෙනවා නම් දේශපාලකයෙකු වන්නට බැරි ය. කෘෂි කරුම අමාත්‍යාංශය වෙනුවෙන් මාසයකට මිලියන 21 බැගින් ගෙවා අප්‍රේල් මාසයේ සිට ගොඩනැගිල්ලක් කුලියට ගත් දුමින්ද දිසානායක දැන් මාස හතරක් තිස්සේ එම ගොඩනැගිල්ලට කුලිය ගෙවයි. ඒ කියන්නේ මිලියන 84කි. අට කෝටි හාරලක්ෂයකි. කජු ඇට කොස් ඇට ද කියා අසන්නට බැරි ය. මන්ද, දැන් ඒවාත් ගණන් ය. මේ මහජන මුදල් ය. මේ ගොඩනැගිල්ල අමාත්‍යාංශයේ කට්ටියට ගැලපෙන විදියට හදා ගන්නට තව අවුරුද්දක් විතර යන බව කියවේ. ඇමති ලේකම් මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීමේ ගිවිසුම ඩී.පී. ජයසිංහ ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට් ...