Posts

Showing posts with the label කූරගල

හලාල් අවුලෙන් කූරගල ආක්‍රමණයට

Image
බොදු බල සේනාව හලාල් සහතික ඉවත් කිරීම ආරක්ෂක ලේකම්වරයා හරහා පොලිසියට භාර දී  දැන් අලුත් දිශාවකට යොමු වෙමින් සිටියි. මාර්තු 17දා මහනුවරදී පැවැත්වුණු බොදු බල සේනා රැළියේදී ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව පැවසූ පරිදි ඔවුන් මීළඟට අත ගසන්නට යන්නේ කූරගලින් මුස්ලිම් පල්ලියක් ඉවත් කිරීමේ ව්‍යාපෘතියකටයි. බලහත්කාරයෙන්, හිංසාවෙන් එය ඉවත් කර අවිහිංසාවාදී බුදු හිමියන්ගේ තෙමඟුල යෙදෙන දින කූරගල වන්දනාවේ යන්නට මෙම භික්ෂුව බෞද්ධයන්ට ආරාධනා කළේය.  කූරගල වනාහි බලංගොඩ පැත්තේ වන මැද පිහිටි ගල්ලෙනක පිහිටුවන ලද පැරණි මුස්ලිම් පල්ලියකි. මෙම පල්ලිය බොහෝ ඈත කලක සිට පවතින එකක් බවට සාක්ෂි තිබේ. ඒ හා ආශ්‍රිත අභිචාර හා පුරාවෘත්ත රැසක් තිබේ. ශ්‍රීපාදය දක්වා ගමන් මාර්ගයක් ආසන්නයේ පිහිටා තිබෙන්නට ඇතැයි සිතිය හැකි මෙම ස්ථානයට වසර දහසකට පමණ පෙර ඉස්ලාම් ශාන්තුවරයකු වන ජයිලානි පැමිණි බවට ඇති විශ්වාසය මත මෙම පල්ලිය ඔහුගේ නමින් නම් කර තිබේ. එසේම මුස්ලිම් වෙළෙන්දෝ ක්‍රිස්තු පූර්ව සමයේ සිටම මැණික් සොයා සබරගමුවට එන්නට ඇතැයි සිතිය හැකිය. ‍දහවන සියවසට අයත් මුස්ලිම් ජාතිකයකුගේ සෙහොන් ගලක් 1922දී මෙතැනින් සොයාගෙන ඇති බව වාර...