සිරිසේන බ්‍රදර්ස් සෙට් වෙන්නේ මොබිටෙල් එකෙන් ගේමක් දෙන්න ද?
මහින්දගේ ආණ්ඩුව පෙරලූ පුද්ගලයා බවට ලංකාදීප පුවත්පතේ ලියැවුණු තුසිත හල්ලොලුව ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයෙනුත්, එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රධානියකු වන ක්‍රිෂාන්ත කුරේ හා ෆිරෝ ෆාරුක් ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයෙනුත් නෙරපා තිබේ. මේ පසුපස අවුල් දෙකක් තිබේ. එකක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලී තනතුරේ සිට ටෙලිකොම් අධ්‍යක්ෂ තනතුරට පත් වූ කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් සභාපති ලෙස ලබන වැටුප තුන් ගුණයකින් වැඩි කරන්නට යාමයි. එයට මේ අධ්‍යක්ෂවරු විරුද්ධ වූ බව කියැවේ. දෙවැන්න තරගකාරී ජංගම දුරකථන සේවා සමාගමක් වන හච් මිළ දී ගන්නට මොබිටෙල් සැරසීමයි. ඒ ගැන කියන්නේ ඩයලොග් සමාගම ඒ වෙනුවෙන් පිරිනැමූ මිළ ඩොලර් මිලියන 78ක් මුත් මොබිටෙල් ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 130ක් පමණ ගෙවන්නට යන බවයි. මේ අල්ල පනල්ලේ අයියා සිරිසේන කර තිබෙන වැඩක් නිසා මෙතන මොකක් හෝ හුටපටයක් වන බව නම් පැහැදිලි ය. අයියා සිරිසේන මහින්දගේ චක්ගෝලයකු වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හා මොබිටෙල්හි හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මොබිටෙල් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇති බව අලුත් ම වාර්තා පවසයි. හච් කොම්පැනිය වැඩි මිළට මිළ දී ...