Posts

Showing posts with the label කුමාර තිරිමාදුර

තන්හා රතී රඟා: පීඩිතයන්ට සන්නද්ධ අරගලය ඔස්සේ විමුක්තිය සලස්වා ගත හැකි ද?

Image
මේ ලියන පූර්විකාව මේ රසවින්දනයට පරිබාහිර එකක්. අද කාලෙ විචාර ලිවීම කෙරෙන්නේ වාසියට. ඒ කියන්නේ එක්කෝ සල්ලිවලට, නැතිනම් යාලුකමට, එහෙමත් නැතිනම් පස්සෙ වැඩක් ගන්න සම්බන්ධකම් එකතු කර තබා ගන්න.  අපි පෙනී සිටින දෙය තමයි, අපි විඳ ගත් රසය ගැන අපි කතා කරන්න ඕනෑ කියන එක. මේක ලියන්නෙ තනිකරම ඒ වෙනුවෙන්. අපි කෘති කියවන්නෙ නරඹන්නේ පිං චාන්ස්වලින් නොවෙයි. මතුගම ජානකී හෝල් එකෙන් පවුල පිටින් ටිකට් අරන් බලලායි මෙය ලියන්නේ. එහෙම කියන්න වෙලා තිබෙන්නේ වර්තමාන විචාර කලාවේ ස්වභාවය නිසායි. චිත්‍රපට ගැන ලියන විචාර කියෙව්වා ම හිතෙන තව කාරණයක් තමයි, ඒවා ලියන්නේ එක්කෝ චිත්‍රපටය උස්සන්න, නැතිනම් තමන් ඉස්සෙන්න. සමහර විචාර හරියට ගුණ දොස් විවේචන වගෙයි. මම හිතන්නේ අපි අවධානය යොමු කරන්න ඕනැ සිනමාකරුවාගේ ප්‍රකාශනය ගැනයි. ප්‍රකාශන ශෛලිය ගැන කතා කරන්න වෙන්නේ ඒ ප්‍රකාශනය පදනම් කරගෙනයි. කැමරාකරණය හොඳයි, සංගීතය නරකයි, සංස්කරණය සාමාන්‍යයි, රඟපෑම් මාරයි ආදී කරුණු සහිත ‘විචාරයක්' ලියනවාට වඩා තමන් වින්ද රසය ගැන ලියන එක හා කෘතිය විසින් තමන්ගේ මනසේ කලම්බනය කළ අදහස් පද්ධතිය ගැන ලියන එක වැදගත් ය කියා මම හිතනවා. සමහර විට විචාර...