Posts

Showing posts with the label කීර්ති වැලසරගේ

බාග නාට්‍ය, බාග චරිත නිරූපණ හා කාල සර්ප ගැන බාගෙට ලියවුණු රසවිඳුම

Image
කීර්ති වැලිසරගේ විසින් ලියන ලද කාල සර්ප නම් ස්වර්ණ පුස්තකය කියවීමි. නැතිනම් නො කියවීමි. මා එය කියවූයේ ද එය ස්වර්ණ පුස්තකයක් ලෙස නම් කරන ලද නිසා හා මවිසින් මීට පෙර කතා කරන්නට යෙදුණු මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං නවකතාව පරයා එය ස්වර්ණ පුස්තකයක් ලෙස මතු කරන ලද නිසා ය. මින් පෙර ‍මේ රටේ ස්වර්ණ පුස්තක බවට පත් වූ කෘතිවල යථාර්ථය අමතක කර දමා කියවීම ආරම්භ කළෙමි. කාල සර්ප කියවීම තරමක් ආයාසකර ව්‍යායාමයක් විය. මට ඇති පළමු ප්‍රශ්නය වන්නේ එතරම් රසයක් හෝ ඥානනයක් මතු නො කරන කෘතියක් කියවීමට කාලය මිඩංගු කරන්නේ කුමට ද යන්නයි. මන්ද, මම සාහිත්‍ය විනිසුරුවරයෙක් ද නො වෙමි. ඔවුන්ට නම් සිය කියවීම ආර්ථික ලාභයක් හෝ සමාජ ප්‍රාග්ධනයක් වේ. අද කාලයේ විචාරකයන් යයි කියන අය පොතක් ගැන යමක් ලියන්නේ කතුවරයා තමන්ගේ මිතුරකු හෝ අනුගාමිකයකු හෝ වේ නම් පමණි. මා මේ සටහන තබන්නේ අඩු තරමේ කතුවරයාගෙන් නො මිළේ පොතක් හෝ ලැබුණු නිසා නො වේ. කාල සර්ප ස්වර්ණ පුස්තකයක් වූ නිසා ය. මන්ද, අද කාලයේ ලංකාවේ නවකතාවේ වටිනාකම් මනින මිම්ම මෙම සල්ලි මල්ල බවට පත් වී ඇති නිසා ය. සමන් වික්‍රමආරච්චි කාල සර්ප ගැන ලියා ඇති විචාරය කියැවීමි. ස...