Posts

Showing posts with the label කිරිබත්ගොඩ ඥානානන්ද

අසපු බුද්ධාගම හා ආගමික ප්‍රාග්ධනයේ ගැටුම්

Image
මම 1973 ඉඳන් මෙම ස්‌ථානයේ කුඹුරු කළා. මගේ එක ඇහැක්‌ පේන්නේ නැහැ. කොටි කපලා මගේ එක අතක ඇඟිලි නැහැ. මට දරුවෝ 05 ක්‌ ඉන්නවා. ගිය අවුරුද්දේ ග්‍රාමසේවා මහත්තයායි සී. ඕ. මහත්තයයි ඇවිල්ලා මේවා රජයේ ඉඩම් කියලා ඉඩම් කොටසක්‌ අල්ලාගෙන අපව පන්නා දැම්මා. පස්‌සේ ඉතිරිවෙලා තියෙන කොටසකුත් මෙයාලා භාවනා අසපු හදන්න කියලා අල්ලා ගත්තා. ඒක නිසා අපි කියන්නේ අපිට භාවනා අසපු නොවෙයි බඩගින්න නිවා ගන්න කුඹුරක්‌ කරන්න ඉඩ දෙන්න. - කරංගාවේ ජී. ජයසිංහ (ගොවියෙක්) නූතන ලෝකයේ ආගම යනු දැවැන්ත ව්‍යාපාරයකි. එහි විශේෂ ලක්ෂණ වන්නේ ලාභයෙන් බදු නො ගෙවීම, රාජ්‍යයෙන් ආධාර ලබා ගැනීම හා මහජන මුදල් සම්මාදම් කර ගැනීමයි. ඔවුන් ලබන ලාභය බොහෝ විට ආගමික ප්‍රචාරයටම යෙදවේ. එසේම, ආගමික සංස්ථාවල රැකියාවල නියුතු අය පුණ්‍ය ‍සේවාවන් කරන්නන් ලෙස පෙනී සිටිමින් සුවිසල් ආදායමක් ලබා ගනියි. ආගමික ලාභය වෙනත් ව්‍යාපාරවල ද ආයෝජනය වන අවස්ථා දැකිය හැකි ය. පොත් ප්‍රකාශනය හා අලෙවිය එයින් ප්‍රධාන ය. ලෝගෝස් හෝප් පොත් නැව උදාහරණයකි. එය රාජ්‍ය අනුග්‍රහය ද ලබමින් ලංකාවේ පවා ආගමික ප්‍රචාරයේ යෙදුනේ ය.  මෙබඳු ආගමික ආයතනවලට උපකාර කිරීම සඳහා වූ බටහිර ර...