කිරි ගොවීන්ගේ උද්ඝෝෂණයෙන් ආණ්ඩුවට කිරි ඉතිරේ
කිරි විකුණා ගත නො හැකි යයි කියමින් ගොවීන් උද්ඝෝෂණය කළ නිසා ආණ්ඩුව වහාම කිරිපිටි කිලෝවක් සඳහා 15%ක හෝ රු. 92ක ආනයන බද්දක් හෝ පනවා තිබේ. කිරි ගොවීන්ගේ උද්ඝෝෂණය ආණ්ඩුව පාවිච්චි කළේ සිය මඩිස්සලය පුරවා ගන්නට ය. මන්ද, කිරි පිටි මිළ වැඩි වූ පමණින් දේශීය කිරි අලෙවිය ඉහළ නො යන බැවිනි. දේශීයව නිපදවනු ලබන හයිලන්ඩ් කිරිපිටි ජනප්‍රිය නො වන්නේ ඒවා තත්වයෙන් පිටරටින් ආනයනය කරනු ලබන කිරිපිටි පහසුවෙන් දිය නො වීම, දිය නො වන කිරි පිටි අපතේ යාම, මිළ ද සැලකිය යුතු අඩුවක් නැතිකම හා දුර්වල අලෙවි කළමනාකරණය නිසා ය. දියර කිරි අලෙවි ජාලය ද ප්‍රමාණවත් තරම් පුළුල් වී නැත. නිවෙස්වලට කිරි ගෙන යන සේවාවන් ඇත්තේ ම නැති තරම් ය. ආණ්ඩුව අය කරන බදු මුදල් මෙවැනි ප්‍රශ්න විසඳීම සඳහා යොදා ගත යුතු ය. තවත් විස්තර මෙතැනින් මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න