වෙල්ලස්සේ කැරැල්ල නැවත කියවීමක් | Reading Wellassa rebellion in post-LTTE context
( 2010 අගෝස්තු 25, W3Lanka - අජිත් පැරකුම් ජයසිංහ ) ගිය අවුරුද්දේ ජුනි මස අප විසින් ලියන ලද මෙම ලිපියෙන් අප අරමුණු කළේ කුමක්ද යන්න අප ඒ වන විට පැවති වාතාවරණය තුළ නො ලියුවෙමු. එහෙත්, අපගේ අරමුණ වූයේ 1818 වෙල්ලස්ස කැරැල්ල, කැරැලි මර්දනය හා දෙමළ කැරැල්ල හා 2009දී කැරැලි මර්දනයත්, මර්දනයෙන් පසු තත්වයනුත් අතර සමානකම් හුවා දැක්වීමයි. සමස්ත උඩරට රාජධානිය පුරාම 1817-1818 සමයේදී ව්‍යාප්ත වූ වෙල්ලස්සේ කැරැල්ල හේතුවෙන් යටත් විජිත පාලනය බිඳ වැටෙන්නට ඔන්න මෙන්න තත්වයකට පත් විය. මුලදී ස්වදේශික ප්‍රශ්න මත පැනනැඟුණු එය පසුව බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි කැරැල්ලක් බවට පත් විය. නායක්කර් වංශික රජ පෙළපතින් පැවත එන බව කී දොරේසාමි නමැත්තෙක් ඔටුන්නට හිමිකම් කීවේය. වෙල්ලස්සේ ජනතාව ඔහු රජු ලෙස පිළිගත් අතර, කිවුලේගෙදර මෙහොට්ටාල වැනි වැදි නායකයන්ගේ ආරක්ෂාව සහ සහාය ඔහුට ලැබිණි. කතරගම දෙවියන් විසින් තමන් රජකමට පත් කර ඇති බව 1817 ජුලියේදී දී ප්‍රකාශයට පත් කළ දොරේසාමි 'කුමාරයා' සපිරිවර සමඟ කතරගම සිට බුත්තලටද, එතැනින් වැදි ජනයාගේ පූජනීය කඳුවැටියක් වූ පදියතලාවේ කොකාගලට පැමිණියේය. මහ බදුල...