Posts

Showing posts with the label කාලගුණය

නැගෙනහිර මහ වැසිවලින් ගංවතුර; වැව් රැසක් වාං දමයි

Image
(2009 දෙසැම්බර් 16 - W3Lanka ) දෙසැම්බර් 14 වැනිදා උදෑසන 8.30 සිට 15දා උදෑසන 8.30 දක්වා පැය විසිහතර ඇතුළත මඩකලපුව දිස්ත‍්‍රික්කයට මිලිමීටර 241.7ක වර්ශාපතනයක් ලැබී  ඇත. වායුගෝලයේ ඇති වූ අවපීඩන තත්වය නිසා ඇදහැලූණු අධික වැසි හේතුවෙන් නැගෙනහිර පළාතේ පවුල් 82,312ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. වැසි සමග ඇතිවූ අකුණු සැර වැදීම් නිසා අම්පාර තිරක්කාමනු ප‍්‍රදේශයේ එක් පුද්ගලයෙක් මියගොස් ඇත. ගංවතුර තත්වය නිසා නැගෙනහිර පළාතේ පුද්ගලයින් රැසක් අවතැන්ව සිටින අතර වැඩිම අවතැන් පිරිසක් මඩකලපුව දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවෙයි. මඩකලපුව දිස්ත‍්‍රික්කයේ පවුල් 330ක පුද්ගලයින් 779දෙනෙක් අවතැන්ව සිටින අතර ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ පවුල් 123ක් අවතැන්ව සිටී. ගංවතුර තත්වය වැඩියෙන්ම බලපා ඇති මඩකලපුව දිස්ත‍්‍රික්කයේ පවුල් 76,511 ක්, ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ පවුල් 5392ක් හා අම්පාර දිස්ත‍්‍රික්කයේ පවුල් 409ක් ගංවතුරින් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ ම්‍යස්ථානය පවසයි.  මඩකලපුව දිස්ත‍්‍රික්කයේ නිවාස 92 ක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර නිවාස 1033කට අර්ධ හානි ස...