Posts

Showing posts with the label කාලගුණ තොරතුරු

හුළං හමාගෙන, හමාගෙන යනකොට ඔන්න හුළං බොකනවා ය කියා කාලගුණේ ඔවුන්ගේ වෙබ්සයිට් එකේ දැම්මා ය

Image
කාලගුණය මිනිස් ගති සේ වෙනස් වන දෙයකි. ගිලීමගෙත් ඇත දත සුද්දෝ කිව්වා වාගේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වුණත්ඇත්ත කියන්නේ නැත්තේ ම නැත. කොහොම වුණත්, අඩු ගණනේ ධීවරයින් හෝ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන දේ විශ්වාස කර ඇති බව පෙනේ. එහෙම හරි පිරිසක් මේ රටේ හිටපු එක ඇත්තෙන් ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නඩත්තු කිරීම සඳහා වැය වන මහජන මුදල් සම්භාරය යුක්තියුක්ත කරයි. අනෙක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට තිබෙන එක ම රාජකාරිය කාලගුණ අනාවැකි කීම නො වේ. සුළිසුළංවලට නම් තැබීම හා ඉන් පසු ඒ නම් ගැන සමාව අයැදීම , දෙයියන්ට පුද පූජා පැවැත්වීම වැනි වැදගත් වැඩ ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබේ. දැන් අරිසෙන් අහුබුදු ශූරීන් නැති නිසා ජාතියේ නම් තබන්නා වන්නට ද කාලගුණේට පුළුවන.  කාලගුණ විද්‍යාව ය කියා කියන්නේ මේ නො දන්න අපට නම් තේරෙන ආකාරයට වැස්සාම වතුර එකතු කර, මැන මෙච්චර වැස්සා ය කියන එක ය. ඔය විදියට ම උණුසුම ගැන ද සුළඟ ගැන ද කියනවා ය.  අනාවැකි කියන්නේ වැහැගෙන, වැහැගෙන යනවා නම් ඉදිරියටත් වහිනවා ය කියන එක ය. වෙනදාත් කෙරෙන විධියට මේ කුණාටු දවසේ ද රෑ හුළං හමාගෙන, හමාගෙන ...