Posts

Showing posts with the label කලා

කලා මාෆියාවෙන් මිදෙන්න කලාව ගැන කතා කිරීම හා ඉංගිරි‍සියෙන් ලිවීම

Image
ටික දිනකට පෙර කියවූ අලුත් නවකතාවකින් විඳි රසය ගැන කතා කළ යුතු යයි සිතා ලියන්නට මුල පිරුවෙමි. එය දේශපාලනික කාර්යයක් ලෙස ද සලකමි. එහෙත්, එය ගැන පසුව ලියන්නට තබා ඊට පෙර මෙම සඳහන් කරමි. මෙය අගක් මුලක් නැති වැල්වටාරමක් විය හැකි ය. සාහිත්‍යය හා කලාව තුළින් නිරූපිත ජීවිතය ගැන කතා කිරීම අද දවසේ අතිශය දේශපාලනික කාර්යයකි. මන්ද, කලාව යනු මිනිසුන් සමාජ දේශපාලන සංවාදය සමග සම්බන්ධ වන ප්‍රධාන හා ගැඹුරු අවස්ථාවක් වන හෙයිනි. ඒ අරුතින් ගත් කල නවකතාව පවත්නා දේශපාලනයට වඩා දේශපාලනික වේ.  පසුගිය කාල‍යේ මම නවකතා හා වෙනත් කලා කෘති ගණනාවකින් මා විඳි රසය ගැන ලියුවෙමි. එහෙත් මට ලියන්නට අවශ්‍ය වූ කෘති දෙකක් ගැන මට ලියන්නට බැරි විය. එකක් අනුරසිරි හෙට්ටිගේ ලියූ කළුවරයි පුරහඳ නවකතාවයි. මා සිතන පරිදි මෑත කාලීන නවකතා අතරින් විශිෂ්ට ම කෘතිය එයයි.  අප ලාංකීය සාහිත්‍ය ‍මාෆියාවේ සීමා මායිම් ඉක්මවා ලෝකය වෙත යා යුතු යයි මම සිතමි. විශ්ව සාහිත්‍යය වෙත තිලිණ කරන්නට තරම් වැදගත්කමක් ඇති සිංහල සාහිත්‍ය කෘති ගැන සිතන විට මට මේ මොහොතේදී මුලින් ම සිහිපත් වන්නේ අනුරසිරි හෙට්ටිගේගේ කළුවරයි පුරහඳ කෘතියයි. ජනක ඉනිමංකඩ ...

ලාංකීය කලාවේ අලුත් ම ප්‍රවණතාව: යකුන් ගොනාට ඇන්දවීම

Image
(2011 ජුලි 07,   W3Lanka )   ලංකාවේ සිනමාවේ මාර නවෝදයකි. හේතුව එයට දී ඇති බදු සහන ය. චිත්‍රපට කර්මාන්තය දැන් කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයකි. එපමණක් නො ව මානසික හා පෞරුෂ ප්‍රශ්න ඇති අය සුවපත් කිරීම සඳහා ද එය යොදා ගැනේ. ලිංගික ව්‍යාපාර නම් කවදත් සිනමා කර්මාන්තයේ ප්‍රධාන කුළුනක විය. ලිංගික සේවා සපයන්නන් මේ සමාජයේ පීඩිත ජන කොටසක් නිසා අප එය විවේචනය කරන්නේ නැත. අවර ගණයේ ධනවතුන් වන දේශපාලකයන්, ජාවාරම්කාරයන් වැනි අයට සිය ෆැන්ටසි සජීවීකරණය කර දීම අද කලාකරුවන්ගේ කාර්යය වී ඇත. ඒ සඳහා ධනවත්තු කලාකාරයන්ට මුදල් විසි කරති. කලාකරුවන් මෙසේ පීචං වීමත් සමග ම කලාකරුවාත්, බිස්නස්කාරයාත් අතර සීමා ඉර මැකී යයි. දෙන්නා ම එක ම ආකාරයේ පීචං පොරවල් වේ. අවසානයේදී සිදු වන්නේ බිස්නස්කාරයාට කලාකරුවන්ට මුදල් විසි කිරීම තේරුමක් නැති වැඩක් ලෙස පෙනී යාමයි.  නිදසුනක් ලෙස කලක් කලාකරුවන්ට මුදල් විසි කළ ඒ.එස්.පී. ලියනගේ දැන් තමන් ම ගායකයකු වී සිය පවුලේ අයත් සමග ගී ගයමින් මුදල් ගෙවා ටී.එන්.එල්. රූපවාහිනියෙන් පෙන්වමින් සිටියි.  මෙම ගමන් මාර්ගය අනුව, මෙම ඡායාරූපයේ සිටින නළුවා තව වැඩි කලක් ය...

කලාවේ නවාතැන්පළින් සමුගත් තවත් එක් මගියෙක් - එච්.ඒ. පෙරේරා

Image
ප‍්‍රභා මනුරත්න / බුද්ධික බන්ඩාර කලාව යනු උන්මන්තකභාවය කරා අප යන ගමනේ අවසාන නවාතැන්පල වැනිය. සමහරු මෙතනට දුක් සෝ සුසුම් මැද පැමිණෙති. සමහරු මෙතනට ප‍්‍රීතියෙන් ඔදවැඞී පැමිණෙති. සමහරු මෙතැනට තනි තනිව පැමිණෙති. තවත් සමහරු මෙතැනට ජාතීන් ලෙස පැමිණෙති. රටවල් ලෙස පැමිණෙති. ශිෂ්ටාචාරයන් ලෙස පැමිණෙති. උන්මන්තකභාවයේ ගීලී යාමට මොහොතකට පෙර මොවුහු මෙතැන මඳකට නැවතෙති. මඳකට මෙතැන නැවතී ගිමන් හරින මොවුහු එතැන දී තම ශෝකය ගීතයකට හරවති. තම හුදෙකලාව සිතුවමකට නගති. තම ආවේගය කවියක් කරති. තම වැරදිකාරත්වය මූර්තියක් බවට පත් කරති. මෙතැන අපූර්ව දේවල් සිදුවේ. සමහරු තම ගමන අතරමග නවතා මුළු පීවිත කාලයම මෙතැන ගතකරති. තවත් සමහරු ආශ්චර්යමත් ලෙස නැවත ජීවිතය කරා ගමන් අරඹති. එහෙත් තවත් සමහරු එතරම් වාසනාවන්ත නොවෙති. වින්සන්ට් වැන්ගෝ, කර්ට් කොබේන්, එමිලි බ්‍රොන්ටේ වැනි ආදරණීය මිනිස්සු මෙම නවාතැන්පලේ මදකට නැවතී ගියහ. සුදු වර්ගවාදයේ නිරන්තර පීඩනය දරාගත නොහැකිව මෙතැනට පැමිණි දකුණු අප‍්‍රිකානු කළු මිනිස්සු ආශ්චර්යමත් ලෙස යලි තම අරගලය මෙතැනින් ආරම්භ කලෝය. ජීවිතය අතරමඟ අතුරුදහන් වූ තම අමරණීය පෙම්වතා වෙනුවෙන් පාර්වතී ම...

ජැක්සන් කඩේ යන ගමන් ම බඩුත් ව්කුණයි

Image
(2009 දෙසැම්බර් 30 - W3Lanka ) මේ දිනවල ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක රැළිවල කලාකරුවන් නියෝජනය කරමින් කතා පවත්වන ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරන ලද අබා චිත්‍රපටය දෙසැම්බර් 31දා රාත්‍රියේ ජාතික රූපවාහිනියෙන් ප්‍රදර්ශනය කිරීම සඳහා චිත්‍රපටයේ නිෂ්පාදකවරුන්ට අති විශාල මුදලක් ගෙවා ඇති බව ද එයින් සැලකිය යුතු පංගුවක් ජැක්සන් විසින් ලබාගෙන ඇති බව ද වාර්තා වේ. මීට පෙර ද මෙම චිත්‍රපටය දිවයින පුරා පාසල් ළමුන්ට පෙන්වා මුදල් උපයා ගැනීම පිණිස අවශ්‍ය ප්‍රචාරය ලබා දීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ පෞද්ගලිකව ම මැදිහත් වී ප්‍රකාශයක් කළේ ය.  කලාත්මක හෝ ඓතිහාසික වශයෙන් හෝ සම්භාවනීය කෘතියක් නො වන අබා චිත්‍රපටය ඔස්සේ කෝටිපතියකු වීමට ජැක්සන්ට අවස්ථාව ලැබිණි.