වසර දස දහසකට පසු බල්ලන් නැවත වනගත කිරීමේ මානුෂික මෙහෙයුම කරාපිටියෙන් ඇරඹේ
(2011 මාර්තු 20, W3Lanka ) ලංකාවේ කකුල් හතරේ බල්ලෝ ලක්ෂ 20ක් සිටිති. සමහර බල්ලෝ මහ මැදුරුවල සුර සැප විඳිති. අනෙක් බල්ලන්ට යන එන මං නැත. බල්ලා ඉහළ සමාජයේදී සමාජ තත්වය පෙන්වන කැඩපතක් ද වේ. කෙසේ වෙතත්, තිරිසනුන් අතරින් මිනිසාට වඩාත් ම සමීප සත්වයා බල්ලා ය. බල්ලා කෙතරම් මිනිසාට සමීප වූයේ ද යත්, අද වන විට කැළෑවල බල්ලන් නැති තරම් ය. ලංකාවේ නම් කැළෑ බල්ලන් විශේෂයක් ඇත්තේ ම නැත. බල්ලා මිනිසාගේ මිතුරකු වන්නට ගොස් සිය අනන්‍යතාව කෙතරම් නැති කර ගත්තේ ද යත්, අද වන විට ඌට මිනිසාගේ ඉඳුල් නැතිනම් කෑමක් බීමක් නැතිව මැරෙන්නට සිදු වී ඇත. ඒකත් හරියට ආණ්ඩු සමග සන්ධානගත වූ ඇතැම් විප්ලවවාදීන්ගේ ඉරණම වැනි ය. දැන් ලංකාව බල්ලන් ආපසු වනගත කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මෙය දියත් කර ඇත්තේ ආසියාවේ ආශ්චර්යය ආරම්භ වන දකුණු පළාතේ පිහිටි ගාල්ලේ කරාපිටිය රෝහලෙනි. කරාපිටිය රෝහලේ සිටි බල්ලන් 62ක් අල්ලා ගෙන ගොස් කිලෝමීටර් 12ක් දුරින් පිහිටි කොට්ටව කැළයට මුදා හළ බව කරාපිටිය රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ජයම්පති පෙරේරා වෛද්‍යතුමා අද The Nation පුවත්පතට පවසා තිබේ. මේ කොට්ටව කැළය ...