කරගාටකාරන් කෙසෙල් විහිළුව හා ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය
අජිත් පැරකුම් ජයසිංහ - කරගාටකාරන් (නැට්ටුක්කාරයා) නම් ගංගෛ අමරන් අධ්‍යක්ෂණය කළ දෙමළ චිත්‍රපටයෙහි ගවුන්ඩමනි සෙන්දිල්ට රුපියලක් දී කෙසෙල් ගෙඩි දෙකක් ගෙන එන්නට කියයි. සෙන්දිල් මගදී එක් ගෙඩියක් කා ඉතිරි එක ගවුන්ඩමනිට ගෙනැවිත් දෙයි. අනෙක් ගෙඩිය කොහෙදැයි ගවුන්ඩමනි අසයි. ඔය තියෙන්නේයි ගවුන්ඩමනි අතෙහි ඇති කෙසෙල්ගෙඩිය පෙන්වමින් සෙන්දිල් කියයි. ගවුන්ඩමනී ඔහුට වඩාත් සරළව පැහැදිලි කර දී අනෙක් ගෙඩිය කොහිදැයි අසයි. සෙන්දිල් කියන්නේ ඔය තියෙන්නේ කියායි. ගවුන්ඩමනි කෝපයට පත්ව සෙන්දිල්ට පහර දීමට ගිය විට ඔහු වළක්වන ඔහුගේ මිතුරෙක් සෙන්දිල්ට වඩාත් සරළව පැහැදිලි කර දෙයි. සෙන්දිල් තමන්ට තේරෙන බව කියයි. ඉන් පසු ඔහු නැවතත් අනෙක් කෙසෙල් ගෙඩිය කොහිදැයි අසයි. සෙන්දිල්ගේ පිළිතුර ඔය තියෙන්නේ කියායි. වඩාත් කුපිත වන ගවුන්ඩමනි ඔහුට පහර දීමට යන විට කාන්තාවක පැමිණ එය වළක්වා වඩා කරුණාවෙන් සෙන්දිල්ට කියා දී අනෙක් කෙසෙල් ගෙඩිය කොහිදැයි අසයි. එහෙත් ලැබෙන්නේ ඔය තියෙන්නේ යන සුපුරුදු පිළිතුරමය. අන්තිමේදී ගවුන්ඩමනි කෝපය මැඩගෙන මෙසේ පැහැදිලි කරයි. ග: මම උඹට මොනවද ගේන්න කීවෙ? සෙ: කෙස...