වෘත්තීය සමිති ව්‍යාපාරය හෙවත් බිස්නස් එක
වර්තමාන වෘත්තීය සමිති ව්‍යාපාරය දෙස බැලුවා ම දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ කීපයක් තිබෙනවා. වෘත්තීය සමිති හා දේශපාලනය අතර ලොකු සම්බන්ධයක් නැහැ. වෘත්තීය සමිති දේශපාලන මැදිහත්වීම්වලට වඩා අවධානය යොමු කර තිබන්නේ වෘත්තීය ඉල්ලීම්වලට විතරයි. වෘත්තීය සමිති හා සාමාජිකයන් අතරත් ලොකු බැඳීමක් නැහැ. සාමාජිකයෝ වෘත්තීය සමිති කටයුතුවලට එතරම් සම්බන්ධ වන්නේ නැහැ. යම් යම් අවස්ථානුකූලව ඔවුන් වෘත්තීය සමිතියේ නායකත්වය යටතේ කටයුතු කළත්, ප්‍රශ්නය යටපත් වූ පසු ඔවුහු වෘත්තීය සමිතිය අතහැර දමනවා. සාමාජිකයෝ වෘත්තීය සමිතිවලට පිටින් සිය ප්‍රශ්න සඳහා විසඳුම් සොයනවා.රාජ්‍ය අංශයේ නම්, මේ සඳහා දේශපාලනය බහුලව භාවිතා වෙනවා. වෘත්තීය සමිති නායකත්වය අත් පත් කරගෙන ඉන්න අය සිය තනතුරු බලය සඳහා උපයෝගී කර ගන්නවා.සමහරු දේශපාලකයන්ගෙන් වාසි ප්‍රයෝජන ගන්නවා. තවත් සමහරු රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘතිවලින් මුදල් උපයනවා. මේ හේතු නිසා මොවුන් නායකත්වය අතහරින්න අකැමැතියි. ඒ නිසා තනතුරුවල එල්ලී සිටින්නට ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාමාර්ගවල යෙදෙනවා. වෘත්තීය සමිතිවල කටයුතු මේ වන විට ප්‍රධාන වශයෙන් ම සිදු වන්නේ ජනමාධ්‍ය නිවේදන හ...