Posts

Showing posts with the label කටුනායක

අධිවේගී මාර්ගයේ හෙවත් සිංහලෙන් හයිවේ එකේ පයින් යාම

Image
මේ දිනවල අපි අධිවේගී මාර්ගයක පයින් යමින් සිටිමු. පයට පෑගෙන තාර පොළව පයට සැප වුවත්, නැතත්, අප උර මත ඇත්තේ දැවැන්ත ණය කන්දරාවකි. මේවා ආපසු ගෙවිය යුත්තේ අප ය. මේ සංවර්ධනයේ ප්‍රතිලාභ අපේ ජීවිත වෙත ළඟා නො වේ නම්, අප මේ ණය කන්දරාවට කර ගැසීමේ තේරුමක් නැත. කොටින් ම කියනවා නම්, සංවර්ධනයත් සමග අපේ ජීවිත පහසු හා සුරක්ෂිත විය යුතු ය. අනාගත පරපුර‍ට රැකියා හා ආදායම් තිබිය යුතු ය. සාගින්න, පිපාසය දුරු විය යුතු ය. දරුවන්ට හොඳ පාසල් තිබිය යුතු ය. වෛද්‍ය හා සෞඛ්‍ය පහසුකම් පහසුවෙන් ලබා ගත හැකි විය යුතු ය. විවේකය, විනෝදය තිබිය යුතු ය. නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රටක බියෙන්, සැකෙන් තොරව ජීවත් වීමේ ඇත්ත හැකියාව ලැබිය යුතු ය. මන්ද, අපි ඒ වෙනුවෙන් උවමනාවටත් වඩා ගෙවා තිබෙන බැවිනි.   ලංකාවේ මිනිසුන් අධිවේගී මාර්ගවලට හයිවේ කියා කීම සුවිශේෂ තත්වයකි. මේවා ඉංග්‍රීසියෙන් එක්ස්ප්‍රස්වේ ය. කවුරුත් දන්නා සිංහලෙන් නම් හයිවේ ය. හයිවේ කියා ඉංග්‍රීසියෙන් කියන්නේ මහාමාර්ගවලට ය.  ලස්සන ටී ෂර්ට් ටික - අනුග්‍රහය අෙපන් මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ...

රජය කටුනායක කම්කරුවන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාරය පොලිස් කුමන්ත්‍රණයක් ද?

Image
මෙම ඡායාරූපයේ සිටින්නෝ කවරහු ද? (2011 ජුනි 01,   W3Lanka ) මංකොල්ලකාරී විශ්‍රාම වැටුප් යෝජනාව හමුවේ මහජන අප්‍රසාදයට ලක් වී සිටින   රජය පසුගිය සඳුදා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන්ට පොලිසිය ලවා අතිශය අමානුෂික ප්‍රහාරයක් එල්ල කළේ ය. සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය පවසන පරිදි පොලිසිය හා ප්‍රදේශයේ ආණ්ඩුවේ දේශපාලකයන්ගේ මැරවරයන් එක්ව ‍දියත් කළ මෙම ප්‍රහාරයෙන් සිය ජීවිතවලට ස්ථිරව බලපාන තුවාල සිදු වූ 20ක් පමණ සිටින බවයි. රාගම රෝහලට අසාධය තත්වය නිසා එවන ලද අටදෙනෙකු ශල්‍යකර්මවලට භාජනය කරන ලද බව ද, සීදූව විජය කුමාරතුංග රෝහලෙන් 100ක් පමණ සුළු තුවාල සඳහා ප්‍රතිකාර ලබා ඇති බව ද, මීගමුව රෝහලෙන් ද 216ක් ප්‍රතිකාර ලබා ඇති බව ද හේ පවසයි. උදරය ආසන්නයේ වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලද මිනුවන්ගොඩ අශේන් ශානක නම් 22 හැවිරිදි තරුණයාගේ දකුණු කකුල කපා දමා ඇති අතර, වකුගඩු අක්‍රිය වී මරණාසන්න තත්වයට පත් වී ඇති බව ද වාර්තා වේ. සුරේශ් චන්දිමාල් නම් බයිපාස් සැත්කමකට භාජනය කර සිටි පුද්ගලයකු සිය කම්හලට ඇතුල් වූ පොලිසියට වැඳ වැටී සිය ප්‍රශ්නය කියා කමිසය ගලවා කැළැල් පෙන්වද...