Posts

Showing posts with the label කක්කා

අයිසෙ ළමයාගෙ ඉල්ලීම පිට කක්කා ‍පෝස්ට් එකක්

Image
මගේ ප්‍රියතම චිත්‍රපටය තුන්මංහන්දිය. මම කැමතියි ඒකෙ අයිසෙ කියන චරිතෙට‍. එක තැනකදි අයිසෙ අබිලිං (ජෝ අබේවික්‍රම) එක්ක සැරසිල්ලක් කර කර ඉන්නකොට අබිලිංගෙ අම්මා (දෙනවක හාමිනේ) ඇවිත් අහනවා "අයිසෙ ළමයෝ උඹටත් තේ එකක් දෙන්න ද?" කියලා. "දෙනව අයිසෙ ඕනැ එකක්," කියලා අයිසෙ කියනවා.  ඉස්කෝලෙ යන කාලෙ අපට ව්‍යවහාරික ගණිතය ඉගැන්වූ වි‍ජේරත්න සර් කතා කරන්නෙත් අයිසෙලා කියලා. "අයිසෙලා ගණන් හැදුව ද?" ඒ වගේ අයිසෙ කෙනෙක් ඊයෙ අපේ බ්ලොග් එකට ගොඩ වෙලා මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දැම්මා.  "අයිසෙ පැරකුම්, මොනාද මේ දාන පොස්ට්, දානවකො හොඳ නැගල යන චූ, පඩ, කක්ක, ජී, ශුක්‍ර සම්බන්ධ පෝස්ට් එකක්." මං එවෙලෙම ඔහුට පිළිතුරක් දැම්මා, "නැගල යන්නෙ නම් අර අන්තිමට කිව්ව ජාතිය විතරයි." කියලා.  තවුරුදෝ කියලා තිබුණා, " එහෙම නැතුවත් යන වෙලාවල් තියනවා.... නමුත් අපේ වෙද මහත්තය ඉන්නකල් බය වෙන්න එපා..." කියලා.  චූ, කක්කා ආදිය ගැන ලිවීම බ්ලොග් අවකාශයේ ජනප්‍රිය බව ඇත්ත. ඒවත් ඉතින් ජීවිතේ කොටස් නිසා ලිව්වම මොකද?  හැබැයි, මේ සටහන ලියන්න නම් හිතුනේ ඊයේ දිවයිනේ ගිය ප්‍...