කටකතාවලින් කියවෙන දේ මෛත්‍රීට කරන්නට බැරි වුණොත්.......
අන්තර්ජාලයේ හා සමාජ ජාල වෙබ් අඩවිවල කට කතා නිර්මාන මේ වන විට අතිශය විනාශකාරී තත්වයකට පත්ව තිබේ. එක්සත් ජාතික පක්ෂයෙන් යැපෙන බව පෙනෙන වෙබ් අඩවි කීපයක් කලක සිට ම ආණ්ඩුවට හා විපක්ෂයේ තම සතුරන්ට එරෙහිව ප්‍රබන්ධ ලිවීම ජීවනෝපාය කරගෙන තිබිණි. මෑතක සිට හතු පිපෙන්නා සේ මෙවැනි ඕපාදූපකාරයන් බිහි වී තිබේ. ඔවුන්ගේ මූලික ලක්ෂණයක් වන්නේ තොරතුරු මූලාශ්‍රවල හිඟයයි. එහෙත්, ඔවුන්ට හොඳ පරිකල්පනයක් තිබේ. ඇසින් දුටුවා සේ අල්ලේ පැලවෙන බොරු ලියන්නට ඔවුහු සමත් ය. ඔවුන්ගේ ප්‍රවෘත්තිවල මූලාශ්‍රය ඔවුන්ගේ ම මනෝරාජික අපේක්ෂා ය. මේ වැඩි දෙනෙක් මහින්ද රාජපක්ෂ ජනාධිපති සමග බද්ධ වෛරයකින් පෙළෙති. එහෙයින් අතට හසු වන ඕනෑම දෙයකින් ඔහුට පහර දෙති. ඔවුන්ගේ මනෝ ලෝකය පොළවේ නැත. එහෙත්, ඔවුන්ට රැවටෙන ඇතැමෙක් ඒ ලෝකය භෞතික ලෝකය තුළ සොයන්නට දත කති. නැති තැන අපේක්ෂා භංගත්වයට පත් වෙති. විපක්ෂ පොදු අපේක්ෂකයා ඉදිරියේ තිබෙන ලොකු ම අභියෝගයක් වන්නේ මේ ඕපාදූප නිර්මානකරුවෝ ය. ඔවුන් විසින් නිර්මානය කරන ලද ප්‍රබන්ධ යථාර්ථය බවට පත් වන තෙක් බලා සිටින එජාප පාක්ෂිකයෝ එසේ නො වූ කල පහසුවෙන් ඉච්ඡා භංගත්වයට පත් වෙති...