Posts

Showing posts with the label ඔක්ස්ෆර්ඩ් සංගමය

ලන්ඩන් ගමනේ ලෝකල් වාසි

Image
අපේ දඟ මල්ල ගෙදර ඇවිත් ( 2010 දෙසැම්බර් 04,  W3Lanka ) ජනාධිපති ම හින්ද රාජපක්ෂගේ ලන්ඩන් ගමන නිසා ඔහුට පෞද්ගලිකව ද රටට ජාත්‍යන්තරව ද අවමානයක් ඇති වන තත්වයක් නිර්මානය විය. එහෙත් ජනාධිපතිවරයා යනු ජාත්‍යන්තර මිනිසෙක් නො ව සිංහල ජාතික නායකයෙකි. සිංහල ජාතියේ සීමාවන් ඉක්මවා යන්නට බැරි වීමෙන් ඔහුට ලාංකීය ජාතියේ ම නායකයා ද යන්න තවමත් ප්‍රශ්නයකි.  ලෝකෙන් කුමන ප්‍රතිචාර ලැබ ආවත් චෝල රට ආක්‍රමණය කර පැමිණි ගජබා රජු සේ කටුනායකින් ලක් පොළවට ගොඩ බසින්නට ඔහුට පුළුවන. ඒ ඔහු වට සිටින මාධ්‍ය හා දේශපාලක නඩය ඔහුගේ සිත් දිනා ගැනීම සඳහා පොර කන පොර කෑම නිසා ය.  ජනාධිපතිගේ පෞද්ගලික චාරිකාව බ්‍රිතාන්‍යයේ නිල ආරාධනාවක් මත සිදු වූවක් සේ කලින් හුවා දැක්වූ ලංකාවේ ජනමාධ්‍ය දැන් බ්‍රිතාන්‍යය පතුරු ගසන්නට පටන් ගෙන ඇත. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ඇමති මණ්ඩලය උද්ඝෝෂණ කරති. ආරක්ෂක රථ පිරිවරාගෙන යන අතර කොහොමත් මහජනතාවට පාරවල් අවහිර කරන මොවුහු දැන් එළිපිට ම පාරවල් අවුරති. බැලූ බැල්මට විහිළු සේ පෙනුණත් මේවායින් හෝ ගොඩ යන්නට පාරවල් කපා ගන්නට එතුමා හපනා ය. රටට හා රණවිරුවන්ට එර...

ජනාධිපතිවරයා සතුරු බලකොටුවක් ඇතුළට ම ගොස් නෙළා එන්න ගිය එඩිතර එහෙත් අපරීක්ෂාකාරී චාරිකාව

Image
( 2010 දෙසැම්බර් 03,  W3Lanka )  ජනාධිපතිවරයාගේ ලන්ඩන් ගමන පෞද්ගලික චාරිකාවකි. බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ‍ෆොක්ස් ජනාධිපති මාධ්‍ය ඒකකයේ වාර්තාකරුවන් කියන පරිදි ජනාධිපතිවරයා බැහැ දුටුවේ ද පෞද්ගලික හමු වීමක් ලෙස ය. ජනාධිපතිවරයාගේ ලන්ඩන් ගමනට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට බ්‍රිතාන්‍ය රජය මුලදී එතරම් කැමැත්තක් නො දක්වන ලද බව ද වාර්තා වේ. ජනාධිපතිවරයාගේ චාරිකාව හා සමාන්තරව චැනල් ෆෝ රූපවාහිනිය විසින් කලින් පෙන්වන ලද නීති විරෝධී ඝාතන වීඩියෝවේ දීර්ඝ වී‍ඩියෝවක් ඉදිරිපත් කර ඇත. එහි ඝාතකයන් ඇතැමෙකුගේ මුහුණු පවා අඩ වශයෙන් දැකිය හැකි ය. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සිංහල සිසුන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශනය සංවිධානය කරන අතර කොටි සංවිධානයට සම්බන්ධ පිරිස් යුද අපරාධ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගන්නැයි දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කළ හ. ඔක්ස්ෆර්ඩ් දේශනය අවලංගු කිරීම හේතුවෙන් ජනාධිපතිවරයාට ඇති වූ ජාත්‍යන්තර අවමානයෙන් ඔකඳ වී සිටින දෙමළ ක්‍රියාකරුවෝ ඔහු නැවතී සිටින පාක් පටු මගෙහි හෝටලය ද වට කළ හ. බ්‍රිතාන්‍ය නීතිය අනුව යුද අපරාධ සිදු වන්නේ බ්‍රිතාන්‍ය දේශ සීමාවෙන් පිටදී වුවත්, ...