Posts

Showing posts with the label ඒඩ්ස්

සෞඛ්‍ය ඇමතිතුමනි, සිරකරුවන් අතර උපත් පාලන කොපු බෙදා හැරීමට වහා පියවර ගන්න

Image
්‍ය වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් අතර සිටි ඒඩ්ස් රෝගයකු මිය යාම නිසා සිරකරුවන් අතර තවත් ඒඩ්ස් රෝගීන් සිටී ද යන සැකය බන්ධනාගාර හා සෞඛ්‍ය අධිකාරීන්ට ඇති වී තිබේ.  ලංකාවේ වැඩියෙන් ම සමලිංගික සේවනය ඇති ස්ථානයක් වන්නේ බන්ධනාගාරයි. ආගමික ආයතන, නේවාසිකාගාර ආදියෙහි ද සමලිංගික සේවනය සිදු වන මුත්, සිරකරුවන් අතර එය අතර ඇති සමලිංගික සේවනය ප්‍රශ්න ඇති කරන මට්ටමක ඇත.  හේතුව, විරුද්ධ ලිංගික ඇසුර ප්‍රිය කරන සිරකරුවන් පවා සමලිංගික ඇසුරට ඇද ගන්නා ලිංගික අසහනයක් හා බලහත්කාරයක් එහි ඇති නිසා ය.  මුලින් විරුද්ධ ලිංගිකයන් ඇසුර ප්‍රිය කළ, ඇතැම් විට, සමලිංගික සේවනය පිළිකුල් කළ අය පවා සිරගෙදරදී සමරිසියන් බවට පත් වන අයුරු නිරීක්ෂණය කළ හැකි ය. ඇතැම් පැරණි සිරකරුවන් සිරගෙදරදී සමලිංගික සේවනයෙහි ඇති කර ගන්නා ‍අධික ලොල්කම අධ්‍යයනය කළ යුතු දෙයකි. සෑම ලිංගිකයකු ම තුළ සමලිංගිකයකු ද ජීවත් වනවා වන්නට පුළුවන. මෙවැනි ලිංගික පීඩනය අධික ස්ථානයකදී එම සමලිංගිකයා මතු වනවා වන්නට ද පුළුවන.  සිරගෙදර ඇති ප්‍රසිද්ධ කතාවකට අනුව එක් පැරණි සිරකරුවකු අලුත සිරගත වූ තරුණයකු සමග සමලිංගික ඇසුරක් ඇති කර ගනියි. අලුත...

කොණ්ඩෙ බඳින චීන්නුන්ගෙන් ඔබේ ගෙදරටත් ඒඩ්ස්

Image
(2009 නොවැම්බර් 06 - W3Lanka )   ඔබ කොණ්ඩය බැඳීම සඳහා රබර් කොණ්ඩ පටි භාවිතා කරනවා නම්, විශේෂයෙන් ම ඒ අතරතුර කොණ්ඩා පටිය මුවේ රඳවා ගැනීමේ පුරුද්දක් ඇති අයෙකු නම් වහා ප්‍රංශ පුවත් සේවයේ පළ වූ පුවතක් ඇසුරෙන් අප ලියන මේ කතාව කියවන්න. මෙහි පළ වන රූප බලන්න. චීනයේ නිපදවන මේ මිළ අඩු කොණ්ඩා පටිවල ඇතුළත රබර් කොටස ලෙස යොදාගෙන තිබෙන්නේ උපත් පාලන කොපු ය. වාර්තා පවසන්නේ ඒවා පාවිච්චි කර ඉවත දමන ඒවා බවයි. මෙම කො‍ණ්ඩා පටි හරහා ඒඩ්ස් ඇතුළු වෙනත් සමාජ රෝග බෝ වීමේ අවදානමක් පවතී. චීනයට එරෙහිව මෙවැනි වාර්තා රැසක් පසුගිය සමයේ පළ වූ නිසා මෙය ද එවැන්නක් කියා ඇතැම් විට ඔබට සිතෙන්නට පුළුවන්. චීනය හරහා පෙරදිග බෞද්ධ අධිරාජ්‍යයක් හැදෙන තෙක් ලංකාවේ එක් පිරිසක් ද, සමාජවාදී විප්ලවය සිදු වන තෙක් තවත් පිරිසක් ද බලා සිටිති. එහෙත්, චීනය වර්තමානයේදී නම් කරන්නේ තම රටේ දිළිඳු ජනයාත් ලෝකයේ පාරිභෝගිකයිනුත් නින්දිත අන්දමින් සූරාකෑමයි.  සමාජවාදී විප්ලවය වෙනුවෙන් හෝ බෞද්ධ අධිරාජ්‍යය වෙනුවෙන් ඔබට, ඔබේ බිරිඳට, දියණියට හෝ සොයුරියට ඒඩ්ස් ආනයනය කර ගන්නවාදැයි ඔබ තීරණය කරන්න.