Posts

Showing posts with the label ඒකාධිපති

විරෝධතාකරුවන්ට පාඩමක් උගන්වන්න තෙල් නළ පුපුරුවා හරින්නට සැරසෙන ලිබියාවේ අපේ ගඩාෆි

Image
(2011 පෙබරවාරි 22,  W3Lanka )   කණ කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන කල්හි ය. එසේ ම, රාජ්‍ය පාලක ධුරයට මුවා වී සිටින ත්‍රස්තවාදීන්ගේ නියම හැඩරුව පෙනෙන්නේ ද අභියෝගවලට මුහුණ දෙන ආකාරය අනුව ය.  ලිබියාවේ තෙල් සැපයුම් පද්ධතිය පුපුරුවා හැරීමට එරට නායක කර්නල් මුවමර් අල් ගඩාෆි ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇති බවට ලොව සුපතල ටයිම් සගරාව වාර්තා කරන බව අද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී දුමින්ද සිල්වාගේ පවුලේ හිරු එෆ්.එම්. රේඩියෝවේ පුවත් මගින් වාර්තා කරන ලදී. රේඩියෝව වැඩි දුරටත් මෙසේ ද පැවසී ය.  "ලිබියාවේ ටි‍්‍රපොලි සහ බෙංගාසි යන නගර කේන්ද්‍ර කර ගනිමින් දියත් වන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට එරෙහිවයි ලිබියානු නායකයා මෙය කි‍්‍රයාත්මක කිරීමට සැරසෙන්නේ. මධ්‍යධරණී කලාපය වෙත තෙල් සපයන නළ පද්ධතිය මුලින්ම විනාශයට පත් කළ යුතු බවට ඔහු උපදෙස් ලබාදී තිබෙනවා. මෙලෙස තෙල් සැපයුම් පද්ධතිය විනාශයට පත් කිරීම තමන්ට එරෙහිව විරෝධතා දක්වන කැරලි කණ්ඩායම් වෙත පිළිතුරක් වනු ඇති බවයි ලිබියානු නායක මුවර්මල් අල් ගඩාෆි ප‍්‍රකාශ කර ඇත්තේ. ලිබියානු නායකයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් ඔහුගේ සමීපත ම නිලධාරියෙකු විසින්...

සොරි තමා අපේ හාමුදුරුවනේ: ෆොන්සේකාට ගහන්නේ ගොන් සේනාවට රිදෙන්න

Image
( 2010 සැප්තැම්බර් 30,  W3Lanka )  හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රට වෙනුවෙන් කර ඇති ශ්‍රේෂ්ඨ මෙහෙවර පිළිබදව සලකා ඔහු නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ත්‍රෛ නිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තාවේ. ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, හා අස්ගිරි පාර්ශවයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක දවුල්දෙන ඤාණීස්සර සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක වේවැල්දෙනියේ මේධාලංකාර යන නාහිමිවරු ජනාධිපතිවරයාට ලිපියක් යවමින් එම ඉල්ලීම කර ඇත. මහ නායක හිමිවරුන් විසින් දැන ගත යුතුව තිබෙන කාරණයක් තිබේ. එනම්, ෆොන්සේකාට රාජපක්ෂ පවුල මෙසේ නඩු පිට නඩු දමමින් වධ දෙන්නේ මන්ද යන්නයි.  ෆොන්සේකා කෙතරම් නිර්භීත සටන්කරුවකු වුණත්, දේශපාලන අපරිණතකම හා ලංකාවේ විපක්ෂයේ කුහකකම් නිසා ඔහු මේ වන විට අවලංගු කාසියක් වී හමාර ය. ලංකාවේ විපක්ෂයේ නායකත්ව භූමිකාවක රික්තයක් තිබෙන මුත් ෆොන්සේකාට එතැනට ආදේශ වීම පහසු නැත. ඔහුගේ ගිනිපුක් චරිත ලක්ෂණ මාධ්‍ය ඉදිරියේ සඟවා ගැනීමට ...

'පවුලට එරෙහිව රට' අරගලය අද දියත් වේ | 'Country against family' struggle launched today

Image
( 2010 සැප්තැම්බර් 08,  W3Lanka )   විධායක ජනාධිපති ක්‍රමයේ නරක පිළිබඳ හොඳ ම උදාහරණය වන්නේ මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයාගේ හා ඔහුගේ අධි උන්නතිකාමී පවුල් අපේක්ෂා වෙනුවෙන් දිගට ම බලයේ රැඳී සිටීම හා ඒකාධිපති බලතල පවරා ගැනීම පිණිස මහජන කැමැත්ත යයි කියා දෙයක් විකෘති අන්දමින් නිර්මානය කර ගන්නා නාටකයේ මේ දිනවල රඟ දැක්වෙන උදාහරණයි.  මුදල්, බලාපොරොත්තු, පොරොන්දු, බලපෑම්, හෘදය සාක්ෂියට එරෙහිව කටයුතු කළොත් සිදු වන විපාක ගැන බියවැද්දීම්, ඉච්ඡා බස්, චාටු කතා, උපන් දින කේක් ආදිය හරහා මහජන නියෝජිතයන් මැතිවරණවලදී ඔවුන්ට ජනවරම ලබා ගැනීම සඳහා ඉවහල් වූ ප්‍රතිපත්ති පාවා දීම සඳහා පොළඹවා ගැනීම විධායක ජනාධිපතිගේ අත්තනෝමතික බලතල පිළිබඳ නිදසුනකි.  අදින් ආරම්භ වන අනාගතය තුළ තව තවත් ප්‍රදර්ශනය වනු ඇත්තේ විධායක ජනාධිපතිගේ ඒකාධිපතිවාදයේ වියරු ලක්ෂණ මිස අන් යමක් නො වේ.  නොබෝ දිනකින් උග්‍ර වීමට ඉඩ තිබෙන ණය අර්බුදය හමුවේ ලංකාවේ ආර්ථිකයේ ඇති වන කැළඹීම පාලනය කරන්නට ආණ්ඩුව සැරසෙන්නේ මේ ඒකාධිපති බලතල හරහා බවට සැක නැත.  අදින් ඇරඹෙන්නේ අලුත් යුගයකි. එය පවුලක උවමනාවන්ට එරෙහිව සමස්ත...