Posts

Showing posts with the label එළවළු

එළවළු අද කුණු ගොඩට හෙට අධි මිළට; කාපිය පොළොස්!

Image
මේ රටේ රජයක් නැති බව පෙන්වන පැහැදිලි ස්ථානයකි, දඹුල්ල. එක පැත්තකින් ආගමික චන්ඩීන් ආගමික සුළුතරයන්ගේ ආගම් ඇදහීමේ නිදහසට බාධා කරන, දේශපාලකයන් ද මේ චන්ඩීන් හමුවේ දැපනෙ වැටෙන මේ නගරයේ අනෙක් පැත්තෙන් ගොවීන්ගේ එළවළු නිෂ්පාදන පොහොර වෙමින් තිබෙනු දැකිය හැකි ය. ඒ පොහොර වෙමින් ඇත්තේ රටින් ගෙනා පොහොර හා කෘමි නාශක ආදිය දමා වැවූ එළවළු බව මතක තබා ගැනීම හොඳ ය. දඹුල්ලට එළවළු රැගෙන එන ගොවියන්ට සිය නිෂ්පාදන විකුණා ගත නො හැකි බැවින් ඔවුහු ඒවා එහි දමා යති. ඔවුන්ට ආදායම අහිමි වී ඇත. එපමණක් නො ව, එළවළු වැවීම සඳහා ප්‍රාග්ධනය ද අහිමි වී ඇත. මෙහි විපාක නුදුරු අනාගතයේදී ම විඳින්නට මේ රටේ පාරිභෝගිකයන්ට සිදු වනු ඇත. තත්වය මෙසේ වුණත්, සිල්ලර එළවළු ලෑල්ලේ කිසිදු එළවළු කිලෝවක් රු. 60ට අඩුවෙන් නැත. එළවළු ලෑලැවල අලුත් එළවළු හිඟයක් ද ඇති අතර ඈත පළාත්වලින් එළවළු ගෙන එන්නට දඹුල්ලට යන වෙළෙන්දන් ගොවීන් විසින් දමා ගොස් ඇති කුණු එළවළු නො මිළේ ම රැගෙන විත් විකුණන බවට සැක මතු වේ. මේ අතර සිල්ලර වෙළෙන්දෝ පවසන්නේ අලුත් අවුරුද්දෙන් පසු පාරිභෝගිකයන් අත මුදල් නැති නිසා එළවළු ඉල්ලුම අඩ් වී ඇති බවයි. දැන් මෙතැන ඇති ප්‍රශ්න...

පෙට්ටියක් තෝර ගත්ත ද? (එළවළු ප්‍රවාහනයට) / Plastic crate law of Sri Lanka

Image
රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්නා තරමක් ඉන්නේ වෝහාරපතිලා ය.  නීතිඥ මහින්ද රාජපක්ෂ පමණක් නො ව, අට පාස් ජොනී ද වෝහාරපති ය.  ඔවුහු හිටගෙන, වාඩි වී, බිම දිගා වී, පිනුම් ගහමින්, උඩ පනිමින්, නටමින්, යන එන ගමන්, කමින්, බොමින් පවා නීති දමති. ඊටත් වඩා නීති කඩති. අලුත් ම නීතිය ඊයේ පටන් දමා ඇති එළවළු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් පෙට්ටි භාවිතය අනිවාර්ය කිරීම ය.  පරම්පරා ගණනක් තිස්සේ ගොවීන්, වෙළෙන්දන් එළවළු ප්‍රවාහනය කරන ක්‍රමවලින් එළවළුවලින් 30%ක් අපතේ යන බව කවුරුදෝ ආණ්ඩුවට කියා ඇත. ප්ලාස්ටික් පෙට්ටි පාවිච්චි කළා ම නාස්තිය 0% වෙනවා විය යුතු ය.  එළවළු නාස්ති වන්නේ ගෝනිවල අට්ටි ගැසීම නිසා ම නො වේ. එළවළු ගොවියා හෝ මුදලාලිට 30%ක් නාස්ති කර ගැනීමේ අමාරුවක් නැත. නාස්තිය අවම කර ගන්නා හැටි ආණ්ඩුවේ නීති නැතුවාට බයිං ඇන් සෙලිං කරන කවුරුත් දනිති.  ‍ගොවීන් කියන්නේ කණ කර උගස් තියා එළවළු වවන, පොලිසැක් මල්ලට වියදම් කිරීමට රු. 25ක් නැති තමන්ට ප්ලාස්ටික් පෙට්ටි සඳහා වැය කිරීමට රු. දහස් ගණන් නැති බවයි. එසේ ම, එළවළු ටික විකුණා බස් එකේ ගෙදර එන ගොවීන්ට දැන් පෙට්ටි ටික ආපසු ගෙන එන්නට හයර් ගෙවන්...