Posts

Showing posts with the label එදිරිවීර සරච්චන්ද්‍ර

සරා සඳක් ගැන කදෝපැණියෙක්

Image
මේ සරච්චන්ද්‍ර ගැන ශාස්ත්‍රීය ලිපියක් නොවෙයි. සරච්චන්ද්‍ර ශාස්ත්‍රීය ජීවිතයක්. ඒත්, එවැන්නන් නො වන අපේ ජීවිතවලට ඔහු බලපෑවේ කොහොමද කියන කාරණේයි මම සාකච්ඡා කරන්නේ. සරච්චන්ද්‍ර වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විද්‍යාර්ථියෙක්. ඔහු මුළු ජීවිතය ම කැප කළේ ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙන්. ‍එහෙම බැලුවා ම ඔහු අනුන්ගේ ආලෝකය පරාවර්තනය කළ සඳක් නෙමෙයි. තමන්ගේ ම ආලෝකයක් තිබුණු තාරකාවක්. ඔහුගේ ඇසුරේ සිටි බව කියමින් තාරකා බවට පත් වන්නට උත්සාහ කරන බොහෝ දෙනෙක් නිකම් ම නිකම් ග්‍රහක කෑලි විතරයි. මම සරච්චන්ද්‍රව හොඳින් දැක්කේ ඔහු බොහෝ වයස්ගතව හිටිද්දී ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ තිබුණු දේශනයකදීයි. කොච්චර වයස්ගත වෙලා හිටියා ද කියනවා නම්, හෙළයේ මහා නාට්‍යකරුවා වූ ඔහුට සතර අභිනයත් මතක් කර දෙන්න වුණා. දේශනය අතරමගදී ඔහු සොබා දහමේ කැඳවිමකටත් ගිහින් ආවා, ''මං ඉතින් වයසක මිනිහනේ" කියා‍ගෙන. ඒ දේශනය ඒ තරම් හරවත් එකක් නොවෙයි. ඒත්, මම ඈත දුෂ්කර ප්‍රදේශක වැඩ කරමින් ඉඳිද්දි ‍ඒ දේශනය අහන්න තකහනියක් කොළඹ ආවේ, දේශනය අහනවාට වඩා සරච්චන්ද්‍රව දැකගන්නයි.සරච්චන්ද්‍රව හැබැහැනි දැක ගැනීම ගැන මගෙ හිතේ සතුටක් තිබෙනවා. සරච...