Posts

Showing posts with the label උපේඛා නිර්මානී

උපේඛා නිර්මානි හා ප්‍රාසාංගික කලාව මිලිටරිකරණය (නො)වීම

Image
(2010 අප්‍රේල් 25 -  W3Lanka  )  සෑම රූපවාහිනී නාලිකාවකින් ම පාහේ සුපිරි තරු සෙවීමේ විවිධ තරග පවත්වන අතර ‍දෙරණ ඩ්‍රීම් ස්ටාර් ඒ අතරින් වඩා විධිමත් ලෙස සංවිධානය හා අලෙවි කරනු ලබන වැඩසටහනකි. මෙම සුපිරි තරු තේරීමේ වැඩසටහන්වලට දස දහස් ගණන් තරුණ තරුණියෝ ඉදිරිපත් වෙති. මේ අතරින් වැඩිදෙනෙක් වසරක් පුරා රූපවාහිනී ආයතනවලට නොමිළේ කඹුරා හිස් අතින් ගෙදර යති. කෙසේ වෙතත් අවසානයට ඉතිරි වන කීපදෙනා නම් ප්‍රාසාංගික කලාව සම්බන්ධයෙන් හොඳ පරිචයක් ලබති. පසුගිය වසර කීපය තුළ ඉදිරියට ආ මේ 'සුපිරි තරු' එතරම් නිර්මාණාත්මක කාර්යභාරයක් කර නැතිමුත් ඔවුහු ඉතා හොඳින් තමන් අලෙවි කරගෙන කෙටි කාලයක් තුළ සෑහෙන මුදලක් උපයා ගත්හ. ඉන්පසු සමහරු තමන් පැමිණි අන්ධකාර ලෝකයට ම ආපසු ගියහ. දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන පිළිබඳ අප සටහනක් තබන්නේ මෙවර එහි සුපිරි තාරකාව ලෙස තේරීමට උපේඛා නිර්මානී නම් තරුණ කාන්තාව සමත් වූ නිසා ය. ලංකාවේ රූපවාහිනී ලෝලීන්ගේ කෙටි පණිවුඩවලින් තේරෙන මෙම සුපිරි තරු අතරට එන්නට මීට පෙර කාන්තාවක සමත් වූයේ නැත. ගිය වසරේ නිලුපුලී දිල්හාරා නම් දක්ෂ ගායිකාවක දෙරණ ඩ්‍රීම් ස්ටාර් අවසානය සමීපයට ...