ඉරණමඩු වැවෙන්උතුරට ජල යෝජනා ක්‍රමයක්
මෑතදී දෙමළ ඊලාම් විමුක්ති කොටි කැරැලිකරුවන්ගේ පාලනයෙන් සියතට ගත් වන්නියේ සුපසිද්ධ ඉරණමඩු වැවේ ජලයෙන් කිලිනොච්චියෙන් උතුරේ චාවාකච්චේරි, යාපනය වැනි ප්‍රදේශවලට ජලය සපයන ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කරන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඩොලර් මිලියන 60ක් වැය වන මෙම ව්‍යාපෘතියේ ප්‍රාග්ධනයෙන් 80%ක් සපයන්නේ ආසියානු සංවර්ධන බැංකුවයි. ව්‍යාපෘතිය සඳහා ශඛ්‍යතා අධ්‍යයනය දැනටමත් හමාර කර ඇති බව වාර්තා වේ. පරන්තන්හි ඉදි කරනු ලබන පවිත්‍රතා ඒකකය මගින් දිනකට ජල ගැලුම් මිලියන 11ක් මුදා හරිනු ඇත.