Posts

Showing posts with the label උගන්ඩාව

උගන්ඩාව ගැන පනිරෙන්ඩාවේ කුඩු අමින් ලියූ කවිය

Image
(පනිරෙන්ඩාවේ කුඩු අමීන් විසිනි) උගන්ඩාව අපි ඔබට ආදරෙයි අපේ ජනපතිත් ඔබට ආදරෙයි ඔබ ඔහු කැන්දූ හන්දා කැන්දා  පිළිගත් හන්දා බෝට්ටුවෙන් අපි ගියත් රටින් රට අපේ මැතිඳු ඒ ලෙස කොහි යන්නද උගන්ඩාව ඔබ හින්දා රට සවාරියක් ලැබුණා අනේ අපට හරි සතුටුයි අපට මාර ජොලියි ආසියාවෙ අපි ආශ්චර්යයයි අප්‍රිකාවෙ ඔබ ආශ්චර්යයයි ඉන්දියානුවන් පැන්නූ උගන්ඩාව වාගේ අපටත් දවසක  එහෙන් ආ එවුන්  පන්නන්නට පුළුවන් ඉඩි අමින් වගේ වීරයන්  බිහි කරන්න අපි කැමතියි එහෙ වගේ තමයි මෙහෙත් ඉලෙක්ෂන් එතුමා තමයි මුළු රටේ සිලෙක්ෂන් උගන්ඩාව වාගේ ගමක් අපට ඇත්තේ පනිරෙන්ඩාවේ අමීනුයි මේ කවි මේ ලෙස ලිව්වේ  මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com