Posts

Showing posts with the label ඊලාම් ජනමත විචාරණ

බ්‍රිතාන්‍යයේ ඊලාම් ජනමත විචාරණය මේ සති අන්තයේ

Image
(2010 ජනවාරි 30 - W3Lanka )  ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා දෙමළ දේශපාලන නායකත්වය එකඟතාවකට එළඹුණු පළමු අවස්ථාව වන 1976 වඩුක්කොඩෛහි පැවැත්වුණු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු සම්මේලනයේදී නිකුත් කරන ලද වඩුක්කොඩෛ ප්‍රකාශය යළි බලාත්මක කිරීම පිණිස විදෙස්ගත දෙමළ ජාතිකවාදීන් විසින් පවත්වනු ලබන ජනමත විචාරණ මාලාවේ මීළඟ අදියර මේ සති අන්තයේ පැවැත්වේ. එහිදී බ්‍රිතාන්‍යයේ ජීවත් වන ලාංකික දෙමළ ජනයා සිය ඡන්දය දීමට නියමිත ය. මීට පෙර ද මෙවැනි ජනමත විචාරණ මාලාවක් නෝර්වේ, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය හා ඕලන්දය යන රටවල පැවැත්විණි. ජර්මනිය, ස්විට්සර්ලන්තය හා ඕලන්දය යන රටවල ජනමතවිචාරණ ගිය සතියේ පැවැත්විණි. මේවායෙහිදී අති බහුතර ඡන්දයෙන් ඊලාම් රාජ්‍යයක අවශ්‍යතාව තහවුරු කරගෙන ඇත. කොටි සංවිධානයේ යුදමය අරගලයේ පරාජයෙන් පසු දෙමළ ජාතිකවාදීන්ගේ උපායමාර්ගය වී තිබෙන්නේ යළි තහවුරු කර ගන්නා ලද ජනවරමක් ඔස්සේ දෙමළ ඊලාම් විමුක්ති අරගලය නව මුහුණුවරකින් දියත් කිරීමයි.

කැනඩාවේ ඊලාම් ජනමතවිචාරණයේ ප්‍රතිඵල

Image
(2009 දෙසැම්බර් 21 - W3Lanka ) ලාංකික දෙමළ ජාතිකයන් එක් ලක්ෂ පනස් දාහක් පමණ ජීවත් වන කැනඩාවේ සෙනසුරාදා පවත්වන ලද ඊලාම් ජනමතවිචාරණයේදී 48,583ක් දෙනා අතරින් 99%ක්දෙමළ ඊලමකට පක්ෂව ඡන්දය දුන් බව වාර්තා වේ. එම ජනමතවිචාරණයේදී 'ඔව්' හෝ 'නැහැ' යන පිළිතුර දීම සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රශ්නය මෙසේ ය."ශ්‍රී ලංකා දිවයිනෙහි ජීවත් වන දෙමළ ජනයා වෙන ම ජාතියක් ය, ඔවුන්ට සම්ප්‍රදායික නිජබිමක් ඇත, ස්වයං නිර්ණ හිමිකම තිබේ යන පදනම මත දිවයිනේ උතුරු නැගෙනහිර ප්‍රදේශයෙහි නිදහස් හා ස්වෛරී දෙමළ ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා මම කැමැත්ත පළ කරමි." “I aspire for the formation of an independent and sovereign state of Tamil Eelam in the north and east of the island of Sri Lanka on the basis that the Tamils in the island of Sri Lanka make a distinct nation, have a traditional homeland, and a right to self-determination.” පසුගිය සතියේ ප්‍රංශයේ ද මෙවැනි ම ජනමත විමසුමක් පැවැත්වුණ අතර, මාස කීපයකට පෙර නෝර්වේහිදී ද පැවැත්විණි. ඒවායේ ප්‍රතිඵල ද මේ හා සමාන ය. මැතිවරණ සාධාරණ ආකාරයකට පැවැත්වුණ බව ...

කැනඩාවේ ඊලාම් ජනමතවිචාරණය හෙට

Image
(2009 දෙසැම්බර් 18 - W3Lanka ) ලංකාවේ දේශපාලන ප්‍රජාව හා එහි  නායකයන් දශක තුනක යුද්ධයකට හේතු වූ දෙමළ ප්‍රශ්නයට විසඳුමක් සෙවීම ඉවත ලා ජනාධිපති පදවිය දැරීමට සිදුසු යුද වීරයා තෝරමින් සිටින අතරේ ඔවුන්ගේ පා යටින් ඊලාම් අරගලය ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් ඉදිරියට යමින් ඇත.  එහි මූලික පියවරක් ලෙස 1976දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් වඩුක්කොඩෛහි පවත්වන ලද සම්මමේලනයේදී සම්මත කර ගැනුණු ඊලාම් රාජ්‍යයක් පිහිටුවීමේ යෝජනාව නැවත බලගැන්වීමේ අරමුණින් ලාංකීය දෙමළ විදෙස්ගත ප්‍රජාව සංකේන්ද්‍රනය වී ඇති රටවල පවත්වාගෙන යන ජනමත විචාරණ මාලාවේ මීළඟ අදියර හෙට කැනඩාවේදී පැවැත්වේ.  දෙමළ ඊලමක් අවශ්‍ය ද නැද්ද යන ප්‍රශ්නයට එරට වෙසෙන ලාංකීය දෙමළ ජනයා 'ඔව්', 'නෑ' යන පිළිතුරු දීම මෙහිදී සිදු වේ. පසුගිය සතියේ ප්‍රංශයේ පැවති මෙවැනි ජනමත විචාරණයකදී 99%ක් ඡන්දදායකයෝ දෙමළ ඊලමට පක්ෂව ඡන්දය දුන්හ. ඊට පෙර නෝර්වේහිදී ද මෙවැනි මැතිවරණයක් පැවැත්විණි.