විශිෂ්ඨතම දේශීය ඉ - අන්තර්ගතයන් සදහා ජාතික සම්මාන ‘ඉ- ස්වාභිමානී ’
(2009 ඔක්තෝබර් 23 - W3Lanka ) විශිෂ්ඨතම දේශීය ඉ - අන්තර්ගතයන් සදහා ජාතික සම්මාන ප්‍රදානය ‘ඉ- ස්වාභිමානී 2009’ නොවැම්බර් මාසයේ සිදු කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. නිර්මාණශීලි තොරතුරු තාක්ෂණ යෙදවුම් ප්‍රචලිත කිරීම සදහා එවැනි යෙදවුම් නිර්මාණය කල පුද්ගලයින් සහ ආයතන ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීම ‘ඉ- ස්වාභිමානී 2009’ සම්මාන උළෙලේ අරමුණයි. ඒ අනුව පොදු ජන සමාජයට වැඩදායක තොරතුරු තාක්ෂණ අන්තර්ගතයන් සහ තොරතුරු තාක්ෂණ යෙදවුම් නිර්මාණය කර ඇති පිරිස් වලට මෙම ඉ- සමාජ විශිෂ්ඨතා සම්මාන පිරිනැමේ. මේ සදහා අයදුම්පත් 200කට අධික ප්‍රමාණයක් ලැබී තිබු අතර ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විනිසුරු මඩුල්ලක් විසින් එම නිර්මාණයන් විනිශ්චය කෙරිණි.