ඉබ්බාගමුවේ බාල වයස්කාර කිරි දෙන මවකට පිරිමි සිය ගණනක් වට වී පොල් පිත්තකින් පහර දීලා
(2010 අගෝස්තු 14, W3Lanka ) ඔබ ජීවත් වන රටේ වයස අවුරුදු 17යි මාස අටක් වන, අසනීපයෙන් සිටි, බාල වයස්කාර, දෙමස් වියේ දරුවකුට කිරි දෙන, එක් දරු මවකට පිරිමින් සිය ගණනක් වට වී එක් ගැහැනියක් ඇයට කණට ගසා, මහ පාරේ බිම දමාගෙන පොල් පිත්තකින් පිට මැදට සිය වරකට වඩා පහර දී ඇතැයි එම කාන්තාවගේ සැමියා (මෙම විවාහය නීත්‍යනුකූල ද යන්න ප්‍රශ්නයකි.) පොලිසියට පැමිණිලි කර ඇති බව ඔබ දන්නවාද? මේ පිළිබඳ පොලිසියට කළ පැමිණිල්ලට අදාළව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද, පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සිට ළමා සංවර්ධන හා වනිතා කටයුතු ඇමති හා නියෝජ්‍ය ඇමති ධුර දරන සිංහල හා මුස්ලිම් පිරිමි දෙන්නා දක්වා සියලු දෙනාත් නිහඬ බව ඔබ දන්නවාද? මෙම සිද්ධිය පිළිබඳව වාර්තා වන්නේ ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවියේ ය. සිද්ධියට මුහුණ දුන් බාල වයස්කාරියගේ සැමියා කරන ප්‍රකාශයේ හඬපටයක් ද ඇත. සිද්ධිය සිදු වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොකරැල්ල පොලිස් වසමේ ඉබ්බාගමුවේ පිලැස්ස, මුංදූව ගමේ ය. සිද්ධිය වූ දිනය මෙම විස්තරයේ අඩංගු වන්නේ නැත. මෙම කාන්තාව මාවතගම රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇත. මාවතගම පොලිසියේ පැමි...