Posts

Showing posts with the label ඉල්ලීම් අටේ සටන

ඉල්ලීම අටේ සටන දියත් වේ

Image
(2009 සැප්තැම්බර් 09 - w3lanka) ඉල්ලීම් අටක් මුල්කරගනිමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ආරම්භ කර ඇති සටන් ක්‍රියාමාර්ගය වැඩ වර්ජනයක් දක්වා යාමට ඉඩ නොදී එම ඉල්ලීම් ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව අද (08) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත පැවසීය.  ඉල්ලීම් අට මෙසේය: රාජ්‍ය/අර්ධ රාජ්‍ය සේවක වැටුප් රු. 5000කින් වැඩිකරනු! ජීවන වියදම් දීමනාව වැටුපට එකතු කරනු! වැඩිවන ජීවන අංකයට 180ක් ගෙවනු! සංස්ථා මණ්ඩල අධිකාරී සේවකයින්ට  ප්‍රමාද කළ 2009 වැටුප් වැඩිවීම වහා ලබාදෙනු! ජීවන වියදමට සරිලන ලෙස පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිකරනු! වතු කම්කරු දිනෙක වැටුප රු. 500 කරනු! සාමූහික ගිවිසුම තවත් පමා නොකරනු! ආපදා ණය කප්පාදුව නවතනු ප්‍රමාදයකින් තොරව සම්පූර්ණ ණය මුදල ගෙවනු! අහිමි කර ඇති රාජ්‍ය සේවක දේපළ ණය ලබාදෙනු!