Posts

Showing posts with the label ඉලයප්පාරච්චි

මාස්ටර් හා දීප්ත(ි කුමාර ගුනරත්න) මරා සත්‍යාපෝල් නම් පරමාදර්ශය උපදින ලලිත සමය

Image
2011 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ 2010 වසරේ හොඳ ම සිංහල නවකතාව ලෙස සුනේත්‍රා රාජකරුණානායකගේ 'කවි කඳුර' හා ජයතිලක කම්මැල්වීරගේ 'චුම්බන කන්ද' නවකතා සම්මානයෙන් පිදුම් ලැබිණි. මෙම කෘති දෙක අතරින් 'චුම්බන කන්ද' ලේඛකයා විසින් කියවන ලදී. මෙවැනි කෘතිවලට සම්මාන ලැබීම ලංකාවේ සුලබ තත්වයකි. ආධුනික මට්ටමේ නවකතාවක් වන 'ස්වයංජාත' එක් වසරක ලංකාවේ සම්මාන පිට සම්මාන ලැබුවේ ය. එබැවින් මෙවැනි කෘති පිළිබඳ ලියනවාට වඩා ඒවා සම්මානයට පාත්‍ර වන ආකාරය පිළිබඳ විශ්ලේෂණය කිරීම රසවත් ය. පසු අවස්ථාවක ඒ පිළිබඳ ලියමි. එරික් ඉලයප්ආරච්චිගේ ලලිත සමය ගොඩගේ සාහිත්‍ය උළෙලේදී සම්මානයට පාත්‍ර කරන ලද නවකතාවකි. ලේඛකයා විසින් ලියන ලද 'ශාස්තෲ' නවකතාව ද ඔහු එම නවකතා තරගය සඳහා ඉදිරිපත් කළේ ය. එය අඩු තරමේ අවසාන සලකා බැලීම සඳහා තෝරා ගත් කෘති අතර හෝ නො තිබිණි. ලේඛකයා මහත් උනන්දුවෙන් 'ලලිත සමය' කියැවූයේ ඔහුගේ ම ලේඛන කලාවේ අසාර්ථකත්වය හඳුනා ගැනීමේ මානයක් සොයමින් ය. එවැනි මානයක් හඳුනා ගැනීමට තරම් විශිෂ්ට ලක්ෂණ එරික් ඉලයප්ආරච්චිගේ 'ලලිත සමය' නවකතාවේ නො තිබිණි. එය ඔහුගේ තු...