Posts

Showing posts with the label ඉන්දික ෆර්ඩිනැන්ඩු

ගුරුවරිය නම් වීර චරිතය සමග හෝ ගානා පොකුණ අසබඩ

Image
ළමයින්ගේ පරිකල්පිත ලෝකය හෙවත් කතන්දර ලෝකය පිරී ඇත්තේ වීරයන්, දුෂ්ඨයන්, විහිළුකාරයන්, අභිරහස්, ප්‍රාතිහාර්ය, සටන්, ජයග්‍රහණ, සතුට, සිනහව වැනි දේවලිනි. ඉන්දික ෆර්ඩිනැන්ඩු අප ඉදිරියේ ප්‍රතිනිර්මානය කරන්නේ ඒ ළමා ලෝකයයි. හෝ ගානා පොකුණ යථාර්ථවාදී සිනමා පටයක් නො වේ. එහි කතාව, පසුබිම, චරිත, සිද්ධි ආදී කිසිවක් යථාර්ථය නො වේ. එහෙත් ඒ විකාරරූපී හා අධි යථාර්ථවාදී අමුද්‍රව්‍ය භාවිතා කරමින් හෝ ගානා පොකුණ අප ඉදිරියේ ප්‍රතිනිර්මාණය කරන්නේ මේ සමාජයේ යථාර්ථයයි. වත්මන් ළමා ලෝකයේ යථාර්ථයයි. එහි සුවිශේෂත්වය එයයි. ළමා චිත්‍රපට බලන්නට ළමයින්ට තනිව යා හැකි වාතාවරණයක් ලංකාවේ නැත. ඒ නිසා ළමා චිත්‍රපට බලන්නට ළමයින් සමග යන දෙමව්පියන්ට ද සාධාරණත්වය ඉටු කිරීමේ වගකීමක් වෙන කො‍හේ නැතත් ලංකාවේ ළමා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට තිබේ. හෝ ගානා පොකුණ ප්‍රධාන තල දෙකක් ඔස්සේ රස විඳිය හැකි ය. පහසුව සඳහා එය කතන්දර තලය හා දේශපාලන තලය ලෙස නම් කළ හැකි ය. කතන්දර තලයේ ඇති සුවිශේෂත්වය චිත්‍රපටයේ තිබෙන අපූරු චරිත හා සිද්ධි නිර්මානයයි. එහි ඇත්තෙන් ම මහා ලොකු කතන්දරයක් ද නැත. එහෙත්, සිද්ධියෙන් සිද්ධියට සිදු වන්නේ අප බලාපොරොත්...