Posts

Showing posts with the label ඉතිහාස

රෙජී සහ ඔහුගේ දේශපාලන පරිණාමය

Image
( 2010 දෙසැම්බර් 10, නොවැම්බර් ව්‍යාපාරය )  බුහුමනට ලක් වන විද්යාර්ථියකු වන රෙජී සිරිවර්ධනගේ අභාවයේ සංවත්සරය දෙසැම්බර් 15දාට යෙදී ඇත. මේ ඔහුගේ පුත් අමල් සිරිවර්ධන ඔහු සිහිපත් කරන ආකාරයයි. ඉංග්‍රීසි පුවත්පතක පළ කරන ලදුව නොවැම්බර් ව්‍යාපාරය විසින් ප්‍රකාශිත ‘ඉතිහාස’ සඟරාවේ පරිවර්තනය කර පළ කෙරුණු මෙම ලිපිය එහි දේශපාලනික වැදගත්කම හේතුවෙන් නැවත පළ කරන්නෙමු.  ඔහුගේ දිවියේ මුල් කාලයේදී රෙජී දැන සිටි බොහෝ දෙනෙක් සිතන්නේ ඔහු හිටපු ට්‍රොස්කිවාදියකු කියා ය. ඇත්තෙන් ම ඔහු කෙරෙහි වූ මූලික දේශපාලන බලපෑම මාක්ස්වාදයයි. 1941 සිට 1946 දක්වා සමසමාජ සාමාජිකයකු වූ ඔහු එහි මධ්‍යම කාරක සභිකයකු දක්වා ඉහළ ගියේය. සිය අසූවන උපන් දිනය දා ඔහු ඔහු පිළිබඳව ම ලියූ කවියක මෙසේ කීවේ ය. මම මගේ අභාවප‍්‍රාප්ත සොයුරා මෙන් කිසි කලෙක සිංහල ජාතිකවාදී සෙම්ප‍්‍රතිශ්‍යාවට ගොදුරු නො වුණෙමි  මුල් කාලයේ ගැසූ මාක්ස්වාදී අඩියකින් එය බලා ගන්නට ඇත. මෙහි සඳහන් වන්නේ මගේ බාප්පා වන සී.ඞී.එස්. සිරිවර්ධන පිළිබඳවයි. ඔහු 1956 බෞද්ධ කොමිෂමේ සාමාජිකයෙකි. මුල් සමසමාජ අවදියෙන් පසු වෙනස 1960 දශකයේ මුල් අවදියේදී මට ඔහුග...