Posts

Showing posts with the label ඉංග්‍රීසි මාධ්‍ය

අධ්‍යාපන දෙපාර්තමේන්තුව නො දන්නා ඉංග්‍රීසි මාධ්‍යයට ගොස් වරිගෙ නහ ගන්න හැටි | The counter productivity of the English medium education of government schools of Sri Lanka

Image
( 2010 දෙසැම්බර් 23,  W3Lanka )  රජයේ පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් කීපයක් උගැන්වීම වසර කීපයකට පෙර ඇරඹිණි. සිසුවෝ පන්තියෙන් පන්තියට උසස්ව ගොස් සාමාන්‍ය පෙළ සමත් වූ හ. උසස් පෙළට ගිය විට බොහෝ පාසල්වල විශේෂයෙන් ම උසස් පෙළ විද්‍යා විෂයයන් ඉංග්‍රීසි බසින් උගැන්වීමට ගුරුවරු නොමැති වූ හ.  මෙම ගුරු හිඟයට පිළියම් ලෙස ගුරුවරුන් බඳවා ගැනීමට උපාධිධාරීන් සඳහා තරග විභාගයක් පවත්වන ලදී. එයට 8000ක් පෙනී සිටි අතර, 4000ක් සමත් වූ අතර 554ක් සම්මුඛ පරීක්ෂණයෙන් පසු බඳවා ගන්නා ලදී.  මෙම ගුරුවරුන්ගෙන් බොහෝ දෙනකුට ඉංගී‍්‍රසි භාෂාවෙන් ඉගැන්විය නොහැකි බවට සිසුන් හා විදුහල්පතින්ගෙන් ලද පැමිණිලි හා මැසිවිලි නිසා ගුරු සේවයට මින් ඉදිරියට බඳවා ගන්නා සියලු දෙනාම වසරක ඉගැන්වීම් පුහුණුවකින් තොරව පාසලේ සේවයට නොයොදවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන පවසයි. ඔවුන්ගෙන් බොහෝ දෙනා ඉගැන්විය නොහැකි බව පවසා පත්වීම් ලිපි ආපසු බාර දුන් බවත් හේ සඳහන් කළේ ය. සම්මුඛ පරීක්ෂණ පවත්වා මෙම පිරිස තෝරා ගත්තේ ද අධ්‍යාපන අමාත්‍යංශයේ ම නිලධාරීන් විසිනි.  විද්‍යා උපාධි හිම...