අද සිට තවත් අලුත් නීති; කෝ දැන් පරණ නීති?
(2011 ජුලි 01, W3Lanka ) ලේඛකයා දිනක් සිය නිවස අසල කඩයකින් සුළු අවශ්‍යතාවක් සඳහා සිමෙන්ති කිලෝ පහක් මිළ දී ගත්තේ ය. ගම්වල සිල්ලර කඩවල සාමාන්‍යයෙන් අල්පෙනෙත්තේ සිට පරිභෝජනයට අවශ්‍ය බොහෝ දේ විකිණෙන අතර ගිනි පොලියට ණය දීම ද මේ මුදලාලිලා කරති. මෙම කඩවල ආහාර මෙන් ම කෘෂි රසායනික ද, පෙට්‍රල් ද විකිණීමට තිබෙන අවස්ථා ඇත. සිමෙන්ති මිටිය ද හාල්, සීනි, පිටි ආදියට තරමක් කිට්ටු තැනක තබා තිබුණු අතර මුදලාලි සිමෙන්ති ගැනීමට දැම්මේ හාල් ගෝනියකින් ගත් කෝප්පයකි. එය ආපසු හාල් ගෝනියට ම යන්නට ඇත. මේ මුදලාලිලා පෙට්‍රල්, ලාම්පුතෙල් අත ගෑ අතින් ම බනිස් ද විකුණති. ඒවා බොහෝ විට එතෙන්නේ ළමයින් ඉතා අපවිත්‍ර ලෙස පාවිච්චි කර පසුව ඉවත දමන කොපි පොත්වල කොළ පල්මානික්කම් යෙදූ පාන් පිටි පාප්පවලින් අලවා ගනු ලබන කවර තුළ බහා ය. මෙවැනි නො දියුණු මට්ටමක ඇති ලංකාවේ සිල්ලර වෙළඳාමට බල පාන නව නීතියක් අද සිට ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව, ආහාර නොවන නිෂ්පාදිතයක් සඳහා භාවිත කර ඇති ලෙස අදහස් කරන යම් ඇසුරුම් ද්‍රව්‍ය, දවටන, බහාලුම් හෝ භාජන කිසිවක් ආහාර සකස් කිරීමට, ඇසිරීමට, ගබඩා කිරීමට, බෙදාහැරීමට හා අලෙවියට ඉදිරිපත...