සුනිල් පෙරේරාගේ 'ඇයි?' ගී ආර ගැන විචාරයක්
සුනිල් පෙරේරා ක්‍රිකට් සම්මාන උළෙලේදී ඉදිරිපත් කළ සංගීතමය විශේෂාංගය ගැන විවිධ අදහස් තිබේ. සුනිල් පෙරේරා ගී ගයන්නේ සල්ලිවලට ය. ඔහු එක්කෝ තමන්ට මුදල් ගෙවීමට සම්බන්ධ වූ පුද්ගලයන්ගේ උවමනාව ඉෂ්ට කරන්නට ඇති බව හෝ නැතිනම් බ්‍රේක් නැති ගමනක් යන්නට ඇති බව හෝ එහෙමත් නැතිනම් හිතා මතා දෙබරෙකට ගල් ගසා දැවැන්ත ප්‍රචාරයක් බලාපොරොත්තු වන්නට ඇති බව හෝ ඇතැමෙක් පවසති. ඇතැමෙක් සුනිල් පෙරේරා ඇත්ත කතා කරන වීරයකු බව කියති. මා නම් සිතන්නේ සුනිල් පෙරේරා කර තිබෙන්නේ සංගීතමය කාර්යයක් පමණක් බවයි. එය අමුතු දෙයක් ද නො වේ. එය ලංකාවේත්, මේ ආසියාතික කලාපයේත්, මුළු ලෝකයේත් ප්‍රචලිත නිර්ප්‍රභූ සංගීත සම්ප්‍රදායක දිගුවකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉහළ සිට පහළ දක්වා ම දූෂිත බව ඇත්ත ය. එහි කෑල්ලක් වූ පාසල් ක්‍රිකට් සම්මේලනය සමග මම යම් ගනුදෙනුවක් කරමි. මගේ නිරීක්ෂණවලින් පෙනෙන්නේ එහි මුල් පුටු අරක්ගෙන සිටින ගුරුවරුන් හා වෙනත් අධ්‍යාපන නිලධාරීන් අතරින් ඇතැමෙක් දූෂණයට ලොල්, අශිෂ්ට, අදක්ෂයන් පිරිසක් බවයි. පාසල් ක්‍රිකට් සම්මේලනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කුඩා කරන ලද ඡායා පිටපතක් විය හැකි ය. සුනිල් ...