අම්මප මේ ඇමරිකන් කුමන්ත්‍රණ තමයි කුමන්ත්‍රණ
අද The Island පුවත්පතට ජවිපෙ හිටපු පාර්ලිමේන්කු මන්ත්‍රී ලාල් කාන්ත පවසා ඇති පරිදි පක්ෂ කැරළිකරුවන් ලෙස ඔවුන් හඳුන්වන, එහෙත් පක්ෂයේ බහුතරයකගේ සහාය ලැබෙන බව අපගේ නිරීක්ෂන අනුව පෙනෙන කණ්ඩායම පිටුපස විදේශ බලවේග රැසක් තිබේ. ලාල් කාන්ත කියන පරිදි ඒවා රෝ හා සී.අයි.ඒ. ය. ආණ්ඩුව ද මේ පිටුපස සිටින්නට පුළුවන් බව ඔහු කියයි. දැන් ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන බව ලාල් කාන්ත පවසයි. ලේඛකයා ජවිපෙ පූර්ණකාලීනව වැඩ කළ ඈත සමයක දිනක් ඔහු සිය බයිසිකලයෙන් පක්ෂ සාමාජිකයකු හමු වන්නට ගියේ ය. ඔහු කාමරයේ නිදියන බව ඔහුගේ මව ලේඛකයාට පැවසී ය. ඔහු කාමරයට ගියේ ය. කාමරයට ඇතුළු වන විට ම පක්ෂ සහෝදරයා 'ෂ්!' කියා ඔහු නිහඬ කළේ ය. සාමාජිකයා සිටියේ බියපත්ව ය. එවකට ජවිපෙ තහනම් පක්ෂයක් වූ බැවින් කිසියම් අනතුරක් ඇද්දැයි ලේඛකයාට ද බියක් ඇති විය. පක්ෂ සාමාජිකයා අසල නිවෙසක සවි කර තිබූ රූපවාහිනී ඇන්ටෙනාවක් පෙන්වමින් කීවේ එය සවි කර ඇත්තේ ඔහු පිළිබඳ ඔත්තු බැලීමට බවයි. මේ පිළිබඳ කුහුලක් ඇති වූ ලේඛකයා ඔත්තු බලන්නේ කවුරුන්දැයි විමසී ය. පක්ෂ සාමාජිකයාගේ පිළිතුර වූයේ පක්ෂය ඔහු ගැන ඔත්තු බලන ...