ජොනී ඉඩමට පනී!
(2009 දෙසැම්බර් 16 - W3Lanka ) එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉදිරි දින කීපය තුළආණ්ඩුවට එක් වී ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බව ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග පවසයි. ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ජීවන් කුමාරතුංග වාරිමාර්ග ඇමති ලෙස වැඩ භාර ගැනීම අද හෙට ම සිදු වේ. කලින් වාරිමාර්ග ඇමති ධුරය ද භාරව තිබුණේ ඇමති චමල් රාජපක්ෂට ය. ජොන්ස්ටන් නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කය ලංකාවේ රජයේ ඉඩම් වැඩි ම ප්‍රමාණයක් ඇති දිස්ත්‍රික්කයයි. වාරිමාර්ග අමාත්‍යංශය භාර ගැනීමට ඔහු කැමැත්තක් දක්වා නැති බව ද වාර්තා වේ.