Posts

Showing posts with the label ඇමති

සය වසරක් ඇමතිවරයකු ළඟ සැඟවී සිටි අපරාධකරුවෙක්‍: තවත් කී‍ දෙනෙක් ඇද්ද?

Image
(2011 අප්‍රේල් 22,   W3Lanka )   ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ ඇරැයුමෙන් කෘෂි නිෂ්පාදන හා හෝටල් ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීම සඳහා 2005 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ විදේශිකයකු 2005 වසරේ ජුනි මාසයේ සිය මවුබිමට ගිය අවස්‌ථාවක දී ඔහුට අයත් ගිණුමකින් ‍හොර අත්සන් යොදා අනූඅට ලක්‌ෂ පනස්‌ දහසක මුදලක්‌ වංචනික ලෙස ලබා ගත් ජේ. එම්. බුද්ධික ජයසිංහ නම් සැකකරුවකු මෙතෙක් කල් අධිතරණයෙන් හා රහස් පොලිසියෙන් සැඟවී සිට පසුගියදා අත්අඩංගුවට පත් වී තිබේ. මේ පුද්ගලයා සැඟවී සිට ඇත්තේ ආණ්ඩුව ඇතුළේ ය. අන්තිමට ආචාර්ය, බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු මර්වින් සිල්වා ඇමතිගේ මහජන සම්බන්ධීකරණ අමාත්‍යංශයේ ය. ඒ නිකම් නො වේ. ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම් තනතුරක් ද දරමින් මහජන මුදලින් වැටුප් ද ලබමිනි. ඒ සම්බන්ධීකරණ ලේකම්කම ද සුළුපටු එකක් නො ව, පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් ධුරයකි.  වසර ගණනාවක්‌ තිස්‌සේ පොලිසියේ ඇසට වැලි ගසමින් සැඟවි සිටි සැකකරු අප්‍රේල් මුල පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද සමග ගොස් ග්‍රෑන්ඩ්පාස්‌ ප්‍රදේශයේ පරණ යකඩ ව්‍යාපාරිකයකු මරාදමන බවට තර්ජනය කර රුපියල් ලක්‍ෂ පහක කප්පමක්‌ ලබාගැනීමට තැත් කිරීමේ සිද්ධ...

ගණපූරණය නැති පාර්ලිමේන්තුවට කරන වියදම කිරි නිෂ්පාදනය නංවන්න වෙන් කළා නම් නරකද?

Image
( 2010 ඔක්තෝබර් 08,  W3Lanka )   පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට මහජන මුදලින් වැටුප්, දීමනා හා තවත් වරප්‍රසාද රැසක් ලබා දෙන්නේ පාර්ලිමේන්තුවේ සිට මහජනයා නියෝජනය කරන්නටයි. එහෙත්, ඔවුන් පාර්ලිමේන්තු යාම හැර වෙනත් බොහෝ දේ නම් කරන බව පෙනේ. ඔක්තෝබර් 09දා ප.ව. 2.40ට පමණ පාර්ලිමේන්තුව කල් තබන්නට සිදු වන්නේ පාර්ලිමේන්තුවේ ගණපූරණය නැති නිසා ය. ගණපූරණය සඳහා සභා ගැබෙහි මන්ත්‍රීන් 20ක් සිටිය යුතු මුත්, සිටියේ 18ක් පමණි.  ලජ්ජා නැතිව සභාවේ ගණපූරණය නැති බව පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ  තුනෙන්  දෙකක බලයක් හිමි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ය.  ඇතැම් විට මෙය ආණ්ඩුව දුන් ගේමක් වන්නට ද ඉඩ ඇත. මන්ද, ඒ වෙලාවේ විවාද කෙරෙමින් තිබුණේ ජනාධිපති හා අගමැති ඇමති පදවි නො දැරිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ගෙන ආ යෝජනාවකි.  මෙවැනි කාරණාවක් සම්බන්ධයෙන් විවාද කරන්නට පවා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු බිය බව පෙනේ.  මෙම විවාදය පවත්වාගෙන යාමේ උවමනාවක් විපක්ෂ මන්ත්‍රීන්ටවත් තිබුණු බවක් නො පෙනේ.  තත්වය...