ඇනොනිමස් ආතල්
නූතන සමාජය අනන්‍යතාව ගැන දැඩි අවධානයක් යොමු කරන එකක්. හැමෝටම තමන් එක්තරා පොරක් ය කියා පවසන්නට අවශ්‍ය වී තිබෙනවා. මේක හරියට “ඒයි, මාත් ඉන්නවා, හරිද?" කියා කෑගහනවා වැනි තත්වයක්. මේ අතරතුර අන්තර්ජාලයේ හා විශේෂයෙන් ම සමාජ ජාලවල නිර්නාමිකව හා ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින් යම් යම් ක්‍රියාකාරකම් කිරීමත් සිදු වෙනවා. මෙහෙම කරන අයත් වෙනත් අවකාශයන්හිදී තමන්ගේ අනන්‍යතාව වෙනුවෙන් පෙනී සිටිනවා. මගේ පැරණි මිත්‍ර මාධ්‍යකරුවෙක් හිටියා. ඔහු තමන්ගේ නම යොදන්නේ කාල් මාක්ස් මට්ටමේ යයි තමන් හිතන ලිපිවල විතරයි. අනෙක් ලිපි හා නිර්මාන ආදියෙහි ඔහු ව්‍යාජ නම් රැසක් භාවිතා කළා. හැබැයි, ඔහු නිතරම ඒවා තමන්ගේ බව සිය සමීප කවයට පැවසුවා. ටොප් සීක්‍රට් පවා තමන්ගේ වාසියට හෙළිදරව් කළා. පසුගිය කාලයේ බ්ලොග්කරණයේ යෙදුණු එක් මාධ්‍යකරුවෙක් හිටි හැටියේ සිය සැබෑ අනන්‍යතාවට මාරු වෙලා මගෙන් ඇහුවා, ඒ බ්ලොගය කළේ තමන් බව මා දැන සිටියා ද කියා. මම නැහැ කිව්වාම ඔහුට ලොකු සතුටක් ඇති වුණා. සැඟවී සිට යම් යම් දේවල් කර පසුව ඒවා කළේ තමන් බව කියා සතුටු වන සෙල්ලමත්, මේ ක්‍රියාවත් අතර සමානකමක් තිබෙනවා. මෙයින් වැඩි...