Posts

Showing posts with the label ආසියානු සංවර්ධන බැංකුව

'අධිරාජ්‍යවාදී' ආසියානු සංවර්ධන බැංකුවෙන් උතුරු සංවර්ධනයට ණය

Image
(2009 දෙසැම්බර් 24 - W3Lanka ) ලංකාවේ 'දේශප්‍රේමී' රජය ප්‍රධාන පෙළේ 'අධිරාජ්‍යවාදී' බැංකුවක් වන ආසියානු සංවර්ධන බැංකුවෙන්ඩොලර් මිලියන 150ක හදිසි ණයක් ඉල්ලා ඇත. මෙම ණය ඉල්ලා ඇත්තේ කොටි සංවිධානයෙන් මෑතදී මුදා ගනු ලැබූ උතුරු පළාතේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටයි.  එම ව්‍යාපෘති අතර මුලතිව් සහ කිලිනොච්චි රෝහල් ප්‍රතිසංස්කරණය හා  විදුලි බල සැපයුම වේ. ආසියානු සංවර්ධන බැංකුව දැනටමත් ඩොලර් මිලියන 350ක ණය ලබන වසර වෙනුවෙන් වෙන් කර තිබේ. ඉන් වැඩ ප්‍රමාණයක් ද උතුරු පළාතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ය.