උතුර අයිති දෙමළ ජාතිකයන්ට පමණක් නො වන බව කියන්නට දෙයක් නො වේ
කළ යුත්තේ වංචනිකව හෝ බල කිරීමෙන් හෝ කොඩිය අතට දීම නොව අවබෝධයෙන් ඉදිරියට යාමයි උතුර අයිති දෙමළ ජාතිකයන්ට පමණක් නො වේ යයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියා ඇත. මෙය අමුතුවෙන් කියන්නට දෙයක් නො වේ. උතුර අයිති දෙමළ ජාතිකයන්ට පමණක් නො වන අතර දකුණ අයිති සිංහල ජාතිකයන්ට පමණක් නො වේ. එහෙත්, ලංකාවේ ජාතීන් අතර මේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් ඇති බව කවුරුත් දන්නා කරුණකි. ලංකවේ නිදහසින් පසු ඉතිහාසය මුළුමනින් ම මේ ප්‍රශ්නයේ ඉතිහාසයකි. රට වැනසූ තිස් අවුරුදු යුද්ධයකින් පසුව ද යමෙක් එවැනි ප්‍රශ්නයක් ඇති බව දැකීමට අසමත් වන්නේ නම් එය බරපතල ප්‍රශ්නයකි. උතුරේ ජීවත් වන බහුතරය දෙමළ ජනයා ය. යුද්ධය ඇරඹෙන්නට පෙර පවා තත්වය එසේ ය. එහෙත්, උතුරේ ආරක්ෂක, දේශපාලන, පරිපාලන, ආර්ථික ආදී සෑම ක්ෂේත්‍රයක ම බලය පතුරුවන ආරක්ෂක හමුදාවන්ගෙන් 99%ක් ම සිංහල ය. ඔවුහු වැඩි දෙනෙක් දෙමළ බස දන්නේවත් නැත. දකුණේ මාතර දිස්ත්‍රික්කය පුරා දෙමළ හමුදා කඳවුරු පිහිටුවා එහි සියලු පාලනයට හමුදා මැදිහත් වන තත්වයක් තිබේ යයි සිතන්න. එතැන ප්‍රශ්නයක් නැති යයි ඔලුවෙන් හිටගෙන කීවත් ලෝකය පිළි ගන්නේ නැත. බ්‍රිතාන්‍ය තානාපති...