Posts

Showing posts with the label ආර්ථික තාක්ෂණික ගිවිසුම

ඉන්දියාව සමග නිදහස් ආර්ථික හා තාක්ෂණික ගිවිසුම ඉදිරියට ගෙන යනු!

Image
යෝජිත ඉන්දු - ලංකා ආර්ථික තාක්ෂණික ගිවිසුම ප්‍රසිද්ධ කළ යුතු ය. එය මහජන සංවාදයට බඳුන් කළ යුතු ය. පාර්ලිමේන්තුවේ විවාද කළ යුතු ය. ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ බරපතල වගකීමක් ආණ්ඩුවට තිබේ. මේ වන විට මහින්ද රාජපක්ෂගේ මුදලින් යැපෙන මාධ්‍ය හා දේශපාලනය යනු කඩාකප්පල්කාරිත්වය යි සිතා සිටින පක්ෂ හා කල්ලිවලට සම්බන්ධ මාධ්‍ය ගජරාමෙට කරමින් සිටින්නේ එට්කා නම් බිල්ලකු නිර්මානය කරමින් සමාජය බියපත් කිරීමයි. එය ඔවුන් හඳුන්වන්නේ මාධ්‍ය නිදහස ලෙසයි. මෙම මාධ්‍ය විසින් ප්‍රබන්ධ කරනු ලබන පුවත් පිළිබඳ නිදසුනක් ලෙස මෙම සබඳතා පුරුකෙහි ඇති ප්‍රවෘත්තිය දක්වමි. මෙහි මාතෘකාවෙන් කියන ආකාරයට තමන්ට රැකියා නැති නිසා ශ්‍රී ලංකාවේ රැකියා ලබා ගැනීම පිණිස එට්කා ගිවිසුම අත්සන් කරන්නැයි ඉන්දියාවේ රැකියා විරහිතයන් උද්ඝෝෂණය කරන බවයි. එහෙත්, ප්‍රවෘත්තියෙහි එහෙම දෙයක් නැත. එට්කා සම්බන්ධයෙන් වන මාධ්‍ය ප්‍රචාර තනිකර ම මෙවැනි ඒවා ය. ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ලෙස පෙනෙන ආකාරයට ලාංකිකයන් අන්දා වීඩියෝ නිර්මානය කර තිබෙන ආකාරය ද අපි දුටුවෙමු. මෙහොතකට පෙර මා දුටු වීඩියෝවක ඇත්තේ බරනැස වීදියක දත් බඳින මිනිසකු පිළිබඳ විස...