සේවය හා කැපවීම මාතෘ භූමිය වෙත පුදකිරීමට අධිෂ්ඨාන කරගන්න, සරත් රණවිරුවන්ගෙන් ඉල්ලයි
(2009 නොවැම්බර් 20 - W3Lanka ) ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී තනතුරෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසුව රණවිරුවන් වෙත විශේෂ සංදේශයක් යොමු කරමින් ඉදිරි ජනාධිපතිවරණයක අපේක්ෂකයකු වන්නේ යයි කියවෙන සරත් ෆොන්සේකා සිය සේවා කාලය තුළදී සියලූම හමුදාවන් හා පොලීසිය ලබාදුන් දායකත්වය වෙනුවෙන් කෘතවේදීත්වය පලකිරීමට අවස්ථාව නොලැබීම හා සිය ජීවිත අනාරක්ෂිතභාවය ඇතුළු ගැටළු පිළිබඳ කරුණු ද ඉදිරිපත් කර තිබේ. සිය ආරක්‍ෂාව 25 කට අඩුකලේ ජීවිත තර්ජන පිළිබද ඇති තත්ත්වය සලකා 100 ක භට පිරිසක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම නොසලකා හරිමින් බව ද. දිගින් දිගටම කළ ඉල්ලීම් හමුවේ 60 ක භට පිරිසකුත් , වාහන 3 කුත් ලබාදෙන බව පවසා ඇති බව ද ඔහු පවසයි. නිල වශයෙන් විශ‍්‍රාමගත් වහාම නිල නිවස ලබාදී ඉවත්වයන ලෙසඔහුට ඉහළින් නියෝග ලැබී ඇති බව ද. සුදුසු කුළී නිවසක් සොයාගැනීමටද බාධා කර ඔහු මහමගට ඇද දැමීමට ඇතැමුන් වෙරදරන බව ද ඔහු පවසයි. සරත් ෆොන්සේකාගේ සම්පූර්ණ නිවේදනය මෙසේ ය. ආදරණීය රණවිරුවනි , රණවිරුවන්ගේ දෙමාපියනි/භාර්යාවනි/දූදරුවනි/සොයුරු සොයුරියනි/ඥාතිවරුනි , ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ආරක්‍ෂක මහජන ආරක්‍ෂ...