කූට විදේශ ආයෝජක ටැන්ඩොන් ලංකා පොල්ල | Unscrupulous FDI and Tandon Lanka
(2010 මැයි 06 - W3Lanka ) ඉලෙක්ට්‍රොනික් උපකරණ නිෂ්පාදනයේ යෙදී සිටි මහනුවර පල්ලෙකැලේ පිහිටි සී/ස ටැන්ඩොන් ලංකා (පුද්ගලික) සමාගම රුපියල් බිලියනකට ආසන්න මුදලක් මෙරටට ගෙවීමට තිබියදී මෙහෙයුම් කටයුතු අවසන් කොට ඇත. මෙම සමාගමේ ප්‍රධානීන් මෙරටින් පිටව ගොස් ඇත්තේ සැපයුම්කරුවන් විශාල පිරිසකට හා ප්‍රධාන බැංකු දෙකකට ගෙවීම් කිරීමට තිබියදීය. මෙම සමාගම රජයේ සහ පෞද්ගලික බැංකුවලට පමණක් ගෙවීමට ඇති මුදල ඩොලර් මිලියන 8කි. සේවකයන්ගේ, සේවක අර්ථ සාධක අරමුදල් සහ සේවා නියුක්ති භාරකාර අරමුදල් සඳහා වසර ගණනාවක සිට ගෙවා නැත. ආරම්භයේදී අටදහසකට පමණ රැකියා දෙන බවට ප්‍රචාරයක් ගෙන ගිය ද මෙහි සේවක සංඛ්‍යාව කිසිවිටකත් තුන්දහස නොඉක්මවූ බව වාර්තා වේ. මෙම සමාගමට ආයෝජන මණ්ඩල පනත යටතේ බදු සහන සහ රේගු සහන ද අක්කර 7ක ඉඩමක් ද, මෙරට බැංකුවලින් ණය ගැනීමේ පහසුව ද ලැබී තිබේ. පසුගිය අප්‍රේල් 08වැනිදා පැවැති මහ මැතිවරණයට කලින් පල්ලෙකැලේ පිහිටි ආයෝජන මණ්ඩල කාර්යාලය මෙම ප්රශ්නය පිළිබඳව අමාත්‍ය සරත් අමුණුගම මහතා සමග සාකච්ඡා කර ඇත. මෙම සමාගම ආපසු මුදල් නොගෙවා තිබියදීත් මෙම ආයතන තවදුරටත් ඔවුන්ට ණ...