ජෝන් අමරතුංග මැරවරයා ඇමති ධුරයෙන් පහ කරනු!
මහජන සාමය, ආපදා කළමණාකරන හා ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංගට එරෙහිව ගෙනෙන විශ්වාස භංග යෝජනාව ඉතා ප්‍රගතිශීලී පියවරක් වන අතර විපක්ෂය එක් වී එම විශ්වාස භංග යෝජනාව සම්මත කර ගත යුතු ය. විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ ජෝන්ට එරෙහි විශ්වාස භංග යෝජනාව ගෙන එනුයේ නීතිය හා සාමය රැකීමට අවශ්‍ය වගකීම ඉටු කිරීමට අසමත් වීම හේතුවෙන් බවයි. ජෝන් අමරතුංග විසින් මෙහෙයවන ලද මැරවර පිරිසක් ජනවාරි 30දා වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරත්න ද අල්විස් මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ට සභා ගර්භය තුළදීත් ඉන් පිටතදීත් පහර දුන් හ. සභාවේ වැඩ කටයුතු කරගෙන යන්නට ඉඩ නො දුන් හ. මෙම සිද්ධිය පිළිබඳ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මෙරිල් පෙරේරා පළාත් සභා රැස්වීමේදී විස්තර කරන්නේ මෙසේ ය: "30දා වත්තල ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී ජෝන් අමරතුංග ඇමැතිවරයා පිළිගැනීමට යැයි පවසා උත්සවයක් පවත්වා ඇති අතර එයට ජෝන් අමරතුංග මහතා පැමිණ ඇත්තේ ප්‍රදේශයේ පොලිස් අධිකාරිවරයා සමඟය. ප්‍රාදේශීය සභාව ආරම්භ කිරීමට තිබුණේ පෙරවරු 9.30ට වන අතර ඇමැතිවරයා...