Posts

Showing posts with the label ආගම් මාරු කිරීම

අන්‍යාගම්කරණ විරෝධය හා සමාගම් ලාභය | Anti-conversion politics and profits of Sri Lanka's companies

Image
(2010 මැයි 07 -  W3Lanka )  නූතන ධනවාදය ඉදිරියට යන්නේ තමන්ට අවශ්‍ය අවස්ථාවලදී පසුගාමී සමාජ ලක්ෂණ සමග මුසු වෙමින් හා අවශ්‍ය නැති විට ජාතික, ආගමික ආදී සමාජ අනන්‍යතා ලක්ෂණ පොඩි පට්ටම් කරගෙනයි.  පසුගිය සමයේ ජාතික හෙළ උරුමයේ භික්ෂු දේශපාලකයන්ගේ ප්‍රධාන සටන් පාඨයක් වුණේ ඔවුන් අන්‍යාගම් යයි හඳුන්වන ඕල්කට් බුද්ධාගම (බුදුන්ගේ දහම නොවේ) හැර අන් ආගම්වලට මිනිසුන් හැරවීම වැළැක්වීම සඳහා නීති පැනවීමේ අවශ්‍යතාවයි.  මුටසීව රජ්ජුරුවන් ආගම් මාරු කිරීම තහනම් කරන නීති පනවා තිබුණේ නම් මිහිදු හිමියන්ට සිදු වන්නට ඉඩ තිබුණේ මුව දඩයමේ ගිය තිස්ස රජුගෙන් හී පහර කන්නටයි.  හෙළ උරුම භික්ෂු දේශපාලකයන්ගේ මෙම යෝජනාව ප්‍රායෝගික නොවන හා ආගමික ස්වෝත්තමවාදය අතින් අන්තවාදී යෝජනාවක් වූ බැවින් පාලකයෝ එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළේ නැත.  මිනිසුන් සම්ප්‍රදායික ආගම්වලින් ඈත් වන්නට පටන් ගත්තේ ආගම් ඒවා විසින් කළ යුතු සමාජ කාර්යභාරයෙන් විතැන් වීම හේගුවෙනි. මෑතක සිට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින ඉවැන්ජලික ක්‍රිස්තියානි නිකායන් සිය ධනය දායකයන් අතරට ද ගලා යන ක්‍රම සැකසීම හේතුවෙන් ඒවා ජනප්‍රි...