Posts

Showing posts with the label ආකාස කුසුම්

සන්ධ්‍යා රානිට තවත් සම්මානයක්

Image
(2009 නොවැම්බර් 15 - W3Lanka ) ආකාස කුසුම් චිත්‍රපටයේ සන්ධ්‍යා රානිගේ චරිතය රඟපෑම වෙනුවෙන් මාලිනි ‍ෆොන්සේකාට ඉතාලියේ ලෙවන්ටේ ජාත්‍යන්තර සිනමා උළෙලෙහිදී හොඳ ම නිළිය සඳහා වන සම්මානය ලැබී තිබේ.  දකුණු ඉතාලියේ ස්වාධීන සිනමා උළෙලක් වන ලෙවන්ටේ ජාත්‍යන්තර සිනමා උළෙල මෙවර පැවැත්වුණේ හත්වන වතාවටයි.  මීට පෙර මෙම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මාලිනී ෆොන්සේකාට ඉන්දියාව විසින් පිරිනමනු ලබන රජත මයුර සම්මානය හිමි විය. 

බිම්මල් වී මියෙන ආකාස කුසුම්වල කතාව

Image
අජිත් පැරකුම් ජයසිංහ - "මෙතන, ප්‍රශ්නෙ මොකුත් නෙමෙයි. මේකි ........., ........... වගෙ ඉන්නව නම් කමක් නැහැ. (මොකද , උන් ගාව බොරු නැහැ. උන් ගොන්නු විදිහට ප්‍රසිද්ධියෙම ඉන්නව.) නමුත් ........ කතාකරන්නෙ , පත්තිනි අම්ම වගේ. ජීවිතේටම , මුකුත් වෙලා නැහැ වගේ. ඉතින් එහෙම ඉඳගෙන, වේස වැඩ කරනකොට, හරි නැහැනෙ. වේසිනම් වේසි වගේ ඉන්න ඕන. උපාසකය වගෙ ඉඳගෙන , රෑට රෑට ගෙවල් මංකොල්ල කනකොට කොහොමද? අන්න ඒ වගේ තමයි." (මෑතදී ලංකාවේ එක්තරා කීර්තිමත් කාන්තාවක් පළමු නොවන විවාහය සිදු කරගැනීම පිළිබඳ පුවත පළ කරන ලද බ්ලොග් අඩවියක පාඨකයන් විසින් තබා තිබූ සටහන් 44ක් අතරින් එකක්.) හොඳ රූපකායක් ඇති 'ලස්සන' ගැහැනියක හැඳින්වීම සඳහා අදත් අප සමාජයේ භාවිතා වන උපමාවක් වන්නේ 'එයා නිළියක වගේ' යන්නයි. නළුකමත්, රූප හෝභාවත් අතර ඍජු සම්බන්ධයක් නැත. එහෙත්, නිළියකට කීර්තිමත් තැනැත්තියක වීමේදී රූප ශෝභාව වැදගත් වේ. රූපාගාරයක අයිතිකරුවකු එහි ලයිට් බෝයි කෙනෙකුගේ දියණිය තාරකාවක් කරන්නට සිතන්නේ ඇගේ රූප‍ ශෝභාව නිසාය. ආකාස කුසුම් චිතුපටයේ ලයිට් බෝයි කෙනෙකුගේ දියණියකට සන්ධ්‍යා රාණි නම් තාරකාව වීම සඳහා කැප කරන්...

සමාව දෙන්න පුළුවන් තරමේ වැරැද්දක් ඉතිරි වී ඇත්නම්, ඒක මුළු ලංකාවම නොදන්නා වැරැද්දක් විය යුතුයි.....ආකාස කුසුම්

Image
ප්‍රදීප් ජයරත්න ( X කණ්ඩායම)    "සමාව" ඕන කරන වැරැද්දක් හොයා ගන්න පුළුවන් නම්, "ජීවිතය" ආයෙත් පටන් ගන්න පුළුවන්. සමාව ලැඛෙනවද නැද්ද කියන එක එච්චරම වැදගත් නැහැ. උවමනා වෙන්නේ, සමාව දීම-නොදීම කියන සීමාවේ තියෙන, ඒ ගැන බලාපොරොත්තුවක් රඳවාගන්න පුළුවන් වැරැද්දක් විතරයි. එතන ඉඳන් වැරදි, නිවැරදි කරගැනීමේ මාර්ගය දිගේ අලූත් ගමනක් පටන් ගත්තම, ඒක ඇත්තටම ජීවිතයට අලූත් චලනයක් එකතු කරනවා. ආකාස කුසුම: මාලිනීට එවැනි වැරැද්දක් චිත්‍රපටයේදී හමුවීම ලොකු අස්වැසිල්ලක් වුනා. ඉතිං එයා තමන්ගේ දුවගේ දුව තුරුළු කරගෙන ඉන්න ගමන්, පුංචි මාලිනීගෙන් (දිල්හානිගෙන්) අහනවා, "මෙයා මට සමාව දෙයිද?˜ කියලා. පුංචි මාලිනී, "ඔව්˜, "හ්ම්˜ වගේ සංඥා කරමින් හිස සොලවනවා. ඒත් පුංචි මාලිනී තාමත් ඉන්නේ සමාව දීම හෝ නොදීම කියන සීමාවට අයත් නැති තැනක. ඉතිං ඒ හරියෙන් වැරැද්දක් හොයා ගන්න එක ලේසි නෑ. ඒ හින්දම විඳීමේ ආරම්භයයි, විඳවීමේ ආරම්භයයි මුල ඉඳලම එකම තැනක. පුදුමයකට වාගේ, සමාව දෙන-නොදෙන සීමාවට ඔබ්ඛෙන් තියෙන, සමහර විට තමන්ගේ ජීවිතයට සම්බන්ධයක් පවා නැති සියල්ල ගැන මුළු ලංකාවම දන්නවා. චිත්‍රපටයේ දෙබසකි...