Posts

Showing posts with the label අළුගෝසු

අළුගෝසුවනි, සහතික සූදානම් කර ගන්න. / Applications to be called for executioner posts of Sri Lanka

Image
අවිහිංසාවාදී බුදු හිමියන් දෙසූ දහමක් අදහන බව කියන බහුතරයකින් සමන්විත ලංකාවේ ජනතාව එල්ලුම් ගස ගැන මාර ඇල්මක් දක්වති. රටේ ලොකු අපරාධයක් (මහජන මුදල් මංකොල්ලකෑම හැර) සිදු වූ ගමන් රජයේ මාධ්‍ය එල්ලුම් ගහ ගැන ලියා ජනතාවට ටොපියක් දෙයි. ජනතාව මාර ආසාවෙන් ඒ ටොපිය තලු මරයි.  පාසල්වල පැවැත්වෙන අධ්‍යාපනික ප්‍රදර්ශනවල පවා දැන් එල්ලුම් ගසේ ආකෘති ප්‍රදර්ශනය කෙරේ. එම ස්ථාන ප්‍රදර්ශනවලදී වැඩියෙන් ම නරඹන තැන් ය. එල්ලුම් ගස ගැන මේ උනන්දුව පසුපස ජාතිවාදීන් විසින් උත්කර්ෂයට නංවන ලද අදහස්වලින් උත්තේජනය ලද ම්ලේච්ඡත්වය, වනචාරිත්වය හා පර පීඩා කාමුකත්වය ඇති බව අපේ අදහසයි.  ලංකාවේ රාජ්‍ය නිලධාරීහු ද දේශපාලකයන් තරමට ම මාධ්‍යවලට පෙරේත ය. ඒ නිසා ඇතැම්හු එල්ලුම් ගස ද කොටස් වශයෙන් මාධ්‍යවලට විකුණා තමන්ගේ නම් ප්‍රසිද්ධ කර ගැනීමට මාන බලති.  කෙසේ වුවත්, එල්ලුම් ගසට ලොල් ලංකාවේ අළුගෝසුවන්ට දිනමිණේ පළ වූ පුවත බලාපොරොත්තු සහගත වනු ඇත.  අළුගෝසුවනි, සහතික සූදානම් කර ගන්න.  අලුගෝසු තනතුරට අයදුම්පත් ලබන සතියේ බුද්ධිකා ඉඹුලාන පුරප්පාඩු වී ඇති ‘අලුගෝසු’ තනතුරට අයදුම්පත් කැඳවීම ලබන සතියේදී සිදු කිරී...

අළුගෝසුවනි, ඉදිරිපත් වනු! / Come on executioners!

Image
බෝගම්බර සහ වැලිකඩ බන්ධනාගාරවල අළුගෝසු පුරප්පාඩු දෙකක්‌ පවතින බව බන්ධනාගාර කොමසාරිස් පවසයි. සම්ප්‍රදායිකව අළුගෝසුකම කළ පවුල්වල කිසිවකු මෙම තනතුරු සඳහා අයදුම් කර නැති බව ද වාර්තා වේ. ලංකාවේ මරණ දඬුවම නිල වශයෙන් ද ක්‍රියාත්මක කළ යුතු යයි උද්ඝෝෂණය කරන අයට දැන් මේ සඳහා අයදුම් කළ හැකි ය. මරණ දඬුවමට පක්ෂ විශාල පිරිසක් සිටින නිසා සමහර විට තරග විභාගයක් පවා පවත්වන්නට සිදු වනවා ඇත. මරණ දඬුවම නියමව සිටින කාන්තාවන් 4 ක්‌ ඇතුළු 357ක් එල්ලා මැරීමේ වාසනාව ඔබට ද හිමි වන්නට පුළුවන. වහා අයදුම් කරන්න. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න