පැණිදෙනියේ අවමංල්‍ය අධ්‍යක්ෂගේ ටූ ඉන් වන් ආදාහනය
Death at a Funeral අපූරු නාට්‍යමය චිත්‍රපටයක්. බයිස්කෝප් වෙබ් අඩවියේ ටොරන්ට් සම්බන්ධය ඇත. පිංතූරය මත ක්ලික් කරන්න. ( 2011 ජනවාරි 11, W3Lanka ) බල්ලන් මරා හෝ සල්ලි සෙවීම හොඳ දෙයකැයි සමාජය සිතයි. සත්ව මිත්‍ර සංගම් දඩාවතේ යන සුනඛයන්ගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම හා පාලකයන් ද තිරිසනුන් සම්බන්ධයෙන් මෝස්තරකාරී ලෙස සානුකම්පිත වීමට සූදානම් නිසා දැන් බල්ලන් මැරීම සිදු වන්නේ නැත. එහෙයින් බල්ලන් මරා සල්ලි හොයන්නට ද බැරි ය. එහෙත් මිනී මරා සල්ලි හොයන්නට ක්‍රම තිබේ. මී කුණකින් ධනවත් වූ මිනිසකු ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. මේ දිනවල පුවත්පත්වල මළ සිරුරු අදාහනය කිරීමෙන් ධනවත් වන මල් ශාලාකරුවකුගේ අපූරු වෙළඳ ප්‍රයෝගයක් ගැන කියැවේ. සිද්ධිය පිළිබඳ දිවයින පුවත්පතේ පළ වූ වාර්තාව මෙසේ ය: කාන්තා මළසිරුර සමග පෙට්ටියේ තිබූ බිළිඳු සිරුර ආදාහනය කිරීම සඳහා ම ල් ශාලාවකට බාරදුන් සිරුරක් චමින්ද සිල්වා - එන්. එස්. බී. එගොඩවිට - කඩුගන්නාව (දිවයින 2011 ජනවාරි 11) පිළිමතලාව අරඹේගම ආදාහනාගාරයට රැගෙන ආ වයෝවෘද්ධ කාන්තා මළ සිරුර සමග පෙට්ටිය තුළ තිබූ බිළිඳු...